IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඇමැති වසන්ත චෝදනා ප්‍රතික්ෂේප කරයි

(ඩයනා උදයංගනී)

           

තම මන්ත‍්‍රී පදවිය රුපියල් කෝටි 50කට විකුණා ඇති බවට නැගෙන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බව සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

තමන් ආණ්ඩුවට සහය පළ කිරීමට තීරණය කලේ රටට අවශ්‍ය වෙනස පිළිගනිමින් බව ද අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.

තමන් එක්සත් ජාතික පක්‍ෂය සමඟ සිටි නමුත් රටත් ජනතාවත් වෙනුවෙන් තමන් අපේක්‍ෂා කළ සේවය ඉටුකිරීමට එම නායකයින් අපොහොසත් වූ නිසා එම තීරණය ගත් බවද එහි සඳහන්ය.

ඇමති වසන්ත සේනානායක මහතා මේ වන විට විදේශ සංචාරයක නිරත වී සිටින නමුත් රට තුළ විවිධ මාධ්‍යයන් හි එල්ල වන අසත්‍ය චෝදනා සම්බන්ධව අවධානයෙන් සිටින බව ද එහි දැක්වේ.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තමන් කිසිවිටෙකත් එම ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත්, එම ජනතාව වෙනුවෙන් තමන් අපේක්‍ෂා කරන වැඩපිළිවෙළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශීර්වාදයෙන් ක‍්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.

එම නිවේදනය පහත දැක්වේ

 



අදහස් (24)

ඇමැති වසන්ත චෝදනා ප්‍රතික්ෂේප කරයි

Kumar (Gulf) Sunday, 04 November 2018 11:57 AM

මේ හොරා ගත්තු සල්ලි තම ඡන්ද දායකයින්ට බෙදුවානම් තමයි හොඳ.. මොකද එයාට ඒ තැනදුන්නේ ඒ මිනිස්සුනේ...

:       87       536

Sapumal. Sunday, 04 November 2018 12:06 PM

මේ හඬපට සාක්ෂි සහිතවම එක්තරා රුපවාහිනී ප්‍රවෘත්ති විකාශයකදී බැලීමට හා ඇසීමට පුළුවන්. මේවා බොරුනම් ඊට විරුද්ධව වහාම නඩු දමා රටට ඔබලාගේ නිවැරදි බව පෙන්වන්න. ඔබලා නොදැම්මත්, ඒ අය නඩු මගට බහින බව පේනවා...

:       85       706

rocky Sunday, 04 November 2018 12:16 PM

මේ වසන්ත මහත්තයා නමත් වෙනස් කරා කියලා කව්දෝ කියනවා ඇහුණා. දැන් නම `වසංගත` ලු!

:       7       312

Nandana Sunday, 04 November 2018 12:48 PM

සේනානායක වාසගමට නිගා කරන සක්කිලි වැඩක් නොවේද?

:       55       727

shan saudiSunday, 04 November 2018 01:24 PM

කොහොමත් මේ අය සක්කිලි තමයි. එදා මේ අයගේ මහඅය සුද්දන්ගේ පස්ස හෝදලා තානාන්තර ගත්තා. දැන් මේ අයත් එ්කම කරනවා.. ආරේ ගති නෑරේ කියනවනේ..

:       46       263

sandy123Sunday, 04 November 2018 02:03 PM

සක්කිලිවත් මෙහෙම නැහැ. අනුන්ගේ ජරාව අයින් කරන අය තමා සක්කිලි. මොවුන්ට කියන්න සිංහල ශබ්ද කෝෂයේ වචන නැහැ.

:       0       265

Rata Perata Sunday, 04 November 2018 01:01 PM

මේ තරමින් හෝ මේ වගේ සිද්ධීන් ජනතාවට දැන ගැනීමට සැලැස්වීම ගැන ලංකාදීපට ස්තුති.

:       0       0

V.warnakulasuriya Sunday, 04 November 2018 01:20 PM

ඉස්සර රා බොන්න කිතුලට නැගපු එකා කීවේ තණකොළ කපන්න ගිය බවකි. දැන් කියන්නේ රට බේරා ගැනීමට ගිය බවකි. ඒ වගේම ඉස්සර සේනානායකලා රටට සේවයක් කරන්න කිතුල් ගස් බඩගෑවේ නැත. නැතිනම් ගහෙන් ගහට පනින රිලවුන් වුනෙත් නැත. රටට සේවයක් නොවුනත් සේනානායක නම රැක්කේ නම් එය පරපුරක ගෞරවය රැකීමකි.

:       0       348

bandulaMonday, 05 November 2018 12:21 AM

රට බේරගන්න වෙලා තියෙන්නේ මෙගොල්ලන්ගෙන් .

:       0       0

weerakoon Sunday, 04 November 2018 01:25 PM

රටත් ජනතාවත් වෙනුවෙන් තමන් අපේක්‍ෂා කළ සේවය ඉටුකිරීමට එම නායකයින් අපොහොසත් වූ නිසා එම තීරණය ගත්තනම් එදා විස්වාස භංගයට විරුද්ධ නොවුනේ මන්ද?

:       0       0

Sunil Sunday, 04 November 2018 01:38 PM

කිතුල් ගහට ගිය මිනිහටත් උත්තරයක් තිබුණානේ? රන්ගෙට දෙන්න ගියානම් මෙයාට විතරක් නුදුන්නා කියන්නේ කොහොමද? අනෙක ඕවා ගත්තු කවුද ගත්තා කියන්නේ?

:       0       175

රවින් Sunday, 04 November 2018 01:39 PM

සංචාරක කටයුතුනේ. ඔය යන එන ගමන් කොහේ හරි බැංකුවක දාලා එන්න. එතකොට කාටවත් අහුවෙන්නේ නැහැ.

:       0       220

Amila Sunday, 04 November 2018 01:46 PM

සල්ලි ගත්තේ නැත්තම් ඇයි ඔච්චර කලබල වුනේ නිවේදන නිකුත් කරන්න...!

:       0       124

tommy Sunday, 04 November 2018 01:51 PM

නියම මෝඩයන් නම් මේ වගේ අසික්කිත මන්ත්‍රීලාට ඡන්දෙ දෙන ඡන්ද දායකයෝයි.

:       0       202

Reality Check Sunday, 04 November 2018 02:15 PM

ඉතා දැකුම්කලු ලස්සන කම්මුල් පහරක් ඔබට ඡන්දය දීපු ජනතාවට. නමුත් කලබල එන්න එපා... තව වරක් ඉල්ලුවාම නැවත ඔබට එන්න පුළුවන්... මොකද අපේ ඡන්ද දායකයින්ගේ ප්‍රමිති, දැනුම සහ නුවණ ඉතා ඉහළ තත්වයක ඇති නිසා...

:       0       192

Lakmal Sunday, 04 November 2018 02:32 PM

ලැජ්ජාවක් නැහැ.

:       0       156

chandana Sunday, 04 November 2018 05:17 PM

මෙයාලට පිළිතුරු දෙන්න ඕන ඔලුවෙන්. ඒක කරන්න පුළුවන් ඒ අයට ඡන්දෙ දීපු අයට විතරයි..

:       0       0

Thilina Sunday, 04 November 2018 06:32 PM

මට තියෙන ගැටලුව එදා ජනවාරි 8 ආණ්ඩු වෙනස වුනෙත් එදා පැවති රජයෙන් මෙතුමා ඇතුළු කීප දෙනෙක් එලියට ආපු නිසයි. එතකොට මේ අද අදහස් දක්වන අය ඒක වර්ණනා කලා නේද?

:       0       0

rocky Monday, 05 November 2018 03:01 AM

අනේ පවු මෙච්චර කල් හොඳට හිටපු මහත්තය හිටි හැටියේ ගෙම්බෙක් වෙච්ච හැටි!

:       0       25

Ashan salinda Monday, 05 November 2018 03:13 AM

මේක හොර ෂූට් එකක් කියලා හොඳට පැහැදිලියි.....

:       1       45

SamanMonday, 05 November 2018 08:22 AM

හොර 'ෂූට්' එකක් නෙවෙයි හොර 'ෂොට්' එකක්...

:       0       0

amarakoon Monday, 05 November 2018 04:03 AM

ඔබ සිතන්නේ අපිද වරද කලේ කියලද? ඔව් වරද අපේ අතේ තමා මොකද ඔබව අපි විස්වාස කරලා පාර්ලිමේන්තුවට යැව්වානේ එකතමා ......

:       0       51

Haro Hara Monday, 05 November 2018 05:46 AM

කෝටි 50 කට අළෙවිවුනා.............

:       0       144

de silva Monday, 05 November 2018 08:03 AM

ලබන පාර ඡන්දය ඉල්ලුවොත් අැපත් නැතිවෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 583 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site