(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අමාත්‍යංශය යටතේ ආයතන හතරක් පමණක් ගැසට් කර ඇත්තේ ඔහුගෙන් පලිගැනීමේ අදහසකින් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතට පවරා ඇත්තේ බෝඩ් ලෑලි වලට සීමා වූ ආයතන හතරක් බවට ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා ඊයේ (1) පැවැති කැබිනට් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇත.
මෙය තමාගෙන් පලිගැනීමක් බවට කිරිඇල්ල ඇමැතිවරයා කර තිබූ ප්‍රකාශයකට ද ජනාධිපතිවරයා එහිදී පිළිතුරු දී ඇත.
තමාට කිසිවකුගෙන් පලිගැනීමේ අවශ්‍යතාවයක් නැති බව පවසා ඇති ජනාධිපතිවරයා අගමැති කාර්යාලයේ අමාත්‍යංශ ලැයිස්තුව එවීමේද ප්‍රමාදයක් සිදු වූ බවත් නව වසරේ අමාත්‍යංශවලට කටයුතු ආරම්භ කළ යුතු නිසා ගැසට් නිවේදනය හදිසියේම නිකුත් කළ බවත් සඳහන් කර තිබේ.
කිරිඇල්ල මහතාගේ අමාත්‍යංශයට ආයතන බෙදන ආකාරය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා ඇතැයි සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ අනුව සාකච්ඡා කර නිවැරදි කිරීමක් කරන්නේ යැයි ද පවසා ඇත.
COMMENTS
සොරිසේන, රට දිගටම කාලා අපායටම යන්න.
හැමෝම දන්නවා රන්ජන්ට හොඳ අමාත්‍යාංශය.. එ්ත් මේ ගමයා දීලා තියෙන්නේ මහාමාර්ග. අනේ සොරිසේන රට තවත් කන්නේ නැතුව පළිගන්නේ නැතුව අමුඩේ ගහන් පොළොන්නරුවේ කුඹුරක් කොටන් ඉන්න ප්ලීස්...
මෙයාට ඔය දුන්න හොඳ වැඩියි... දෙන්න තිබුණේ වැසිකිලි වලක්...
සිරිසේන මහත්තයා, එහෙනම් අලුත් අවුරුද්දේ පුවත්පත් කියවල තියෙනවා වගෙයි! නැත්නම් කොහොමද ඇමැති කිරිඇල්ල මැතිතුමා කරපු ප්‍රකාශයට පිළිතුරු දුන්නේ?
බුදුරජාණන් වහන්සේ දෙසුවේ කල පව් දිදුල දිදුලා පෙනෙන බවයි.
ඔව් ඉතින් " ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්ව කෙනෙකුට" බෝඩ් ලෑලි වැඩිත් එක්ක හොරාකෑමට. මොකද උපතින්ම හොරා කෑම පුරුදු පුහුණු කල අයෙක්නේ.. යනකොට ඔය කියපු බෝඩ් ලෑලි ටික තියෙනවද බලන්නකෝ කව්රු කව්රුත්...
මේ අයට මොකටද ඇමතිකම්?
පළිගැනීමේ අදහසක් නැති හන්දනේ ග්‍රීක බැඳුම්කර ඇතුළු දහසක් වංචා පැත්තක තියල දැන් මහබැංකු බැඳුම්කර පරීක්ෂණ ආපහු පටගන්නවාය කියලා කියන්නේ.
අනික ඇමති මණ්ඩලයක් පත්කළාම... මොනවද මේ ගැසට් ගගහ ඉන්නේ...? මීට ඉස්සර අපි නම් මේ විගඩම් දැක්කේ නැහැ. රටේ පරිපාලනය ඔක්කොම ඇණ හිටලා හිටන් නිසා. මෙයා දැනගන්න ඕනේ මේ සෙල්ලම් කරන්නේ රටක් එක්ක කියලා...
මහාමාර්ග අමාත්‍යංශයේ තමන්ගේ හෙන්චයියෝ හැටහුටාමාරක් උපදේශකවරු ලෙස තියාගෙන, ලක්ෂගණන් වැටුප් ගෙවමින් මහජනමුදල් කාබසිනියකලේ මෙතුමා නේද?...
ශ්‍රේෂ්ඨාධිකරණවලින් වැරදිකරු වෙලා, රටක පාලනයේ ඉහළම තනතුරේ ඉන්න පුළුවන් ලංකාවේ විතරයි. ලජ්ජා නැති මිනිස්සු.
ඕනෑම පිස්සෙකුට යුද්ධ කරන්න පුළුවන් කියා හමුදාව හෑල්ලුවට පත්කරපු අයට ඡන්දය දීලා පාර්ලිමේන්තුවට අරින බත්කන හරක් ඉන්න එකම රටත් ශ්‍රී ලංකාවයි.
කොහොමත් මේ කැබිනට් එකට දෙන අමාත්‍යාංශ බෝඩ් ලෑලිවලට සීමාවෙනවා. මේ අවුරුදු 4ට නොකරපු වැඩ එක අවුරුද්දට කරන්න..? විකාර! කොන්ක්‍රීට් හයි වෙන්න කාලයක් වත් නැහැ. උප්පර වට්ටියක් දාලා ගාණක් කපාගෙන යන්න.
මෙම ආයතන ගැසට් කිරීම කලේ කියන විදිහට බව මොහු නොදන්නවා බවයි පේන්නේ...