(නිමල කොඩිතුවක්කු)
වර්තමාන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම, ඡායාරූපයක් සහ ප‍්‍රකාශයක් යොදා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුවත්පත් දැන්වීමක් පළ කර ඇති බව පවසමින් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඡන්ද නියෝජිත සහ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු පර්යේෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභාවට අද (14) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙයට අමතරව අදාළ දැන්වීම මගින් විශ‍්‍රාමික හමුදා නිලධාරින්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප පළ කර ඇති බවත් ජනාධිපතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී දේශපාලන පක්ෂයක ප‍්‍රවර්ධනය සඳහා හමුදා නිල ඇඳුම් සහ ධූර දරණ යුද හමුදාපතිවරයා යොදා ගැනීම බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කරයි.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙසේ කීය.
‘‘ධුර දරන හමුදාපතිවරයෙකුගේ ඡායාරූප සහ ප‍්‍රකාශයකුත් නිල ඇඳුමින් යුතු විශ‍්‍රාම ගිය හමුදා නිලධාරීන්ගේ ඡායාරූප සහ ප‍්‍රකාශ භාවිතා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු ප‍්‍රවර්ධනය කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පල කරලා තිබුණා. ධූර දරන හමුදාපතිවරයත් මේකෙන් අපහසුතාවයට පත්ව තිබෙනවා. ඒ වගේම මැතිවරණ පිළිබඳව තියෙන නීතිරීති, ආචාර ධර්ම කඩවෙලා තියෙනවා.
මේ වරදේ ප‍්‍රමාණය කොච්චරද කියලා කිව්වොත් ලංකාවේ තීන්දු වූ මැතිවරණ පෙත්සම්වල තිබෙන මූලධර්ම අනුව සැළකුවාහම බොහොම පැහැදිලිව මැතිවරණයක් ජයග‍්‍රහණය කරන අපේක්ෂකයකුගේ ජයග‍්‍රහණය නිශ්ප‍්‍රභා කිරීමට තරම් මේ මැතිවරණ වරද ප‍්‍රබලයි. මේ පිළිබඳ අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව සහ වාචිකව අපේ පැමිණිල්ල ඉදිරිපත් කළා.
සමස්ත හමුදාව සහ හමුදා නිලධාරීන් අපහසුතාවයට පත් කරලා එක් පක්ෂයක මැතිවරණ ප‍්‍රවර්ධනය සඳහා මෙලෙස කටයුතු කිරීම අපි පිළිකුලෙන් හෙළා දකිනවා. අපිට හිතා ගන්න බැහැ. මේ තරම් වගකීම් විරහිත විදියට කටයුතු කරන්නේ ඇයි කියලා.
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වන රජයක් තුළ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට මේ රටේ ආරක්ෂාව භාරදෙනවා කියන මැතිවරණ ප‍්‍රතිඥාව දුන්නට පස්සේ ඒකෙන් කලබලයට හා කම්පනයට පත්වූ ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායම හදිස්සියේ කරපු නීතී විරෝධි කටයුත්තක් විදියට අපි මේක දකිනවා’’ යැයි ද ඔහු එහිදී පැවැසීය.
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
පළමුව මෙයා කළ යුත්තේ මෙයාටම විරුද්ධව පැමිණිල්ලක් දාගන්න එකයි. මොකද ෆුට් නෝට් ලියලා ලොක්කාව බේරගන්න ලියපු කප්පරක් බොරු දහන් ගැට සහ මහජනතාව රවට්ටපු එක. දැන් මෙයා බබා..
ෆීල්ඩ් මාර්ෂල් කෙනෙකුට දේශපාලනය කරන්න පුලුවන්නම් ඊට පහල කෙනෙක්ගේ ෆොටෝ එකක් එච්චර වැදගත්ද?
එජාපයේ එවුන් කුපිත වෙලා ඉන්නේ... 16 වැනිදා නියත වශයෙන්ම පරදින බව දන්නා නිසා...!!!
'ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු පර්යේෂණ අමාත්‍ය' මොනවද දන්නේ නැහැ මෙච්චර කාලයක් ඔය අමාත්‍යාංශයට වෙලා කරපු වැඩ? අපිට මතකයිනේ අනුන්ට හොරා කියපු මොහු තමන්ගේ හොරු රකින්න ෆුට් නෝට් ගහපු හැටි. එතකොට මොහුගේ අනුදැනුම මත වෙනින් ආයතනයක ලියාපදිංචි ක්‍ෂණික දුරකථන අංකයක් හොරෙන්ම අරන් සජිත්ට දීලා, එහෙව් මිනිහා යනවා මැතිවරණ කඩවීම් ගැන පැමිණිලි කරන්න. රෙද්දක් ඇඳගෙන ඔහොම ගිය එකම පුදුමයි.
එතකොට ෆීල්ඩ් මාර්ෂල් තනතුර තියාගෙන දේශපාලනය කළාට අවුලක් නැද්ද...?
මෙයාලා හදන්නෙ කොහොම හරි ගෝඨව එලියට ඇදල දාන්න. පුදුම බයක්නේ තියෙන්නෙ. මොනවා කළත් මෙදා පාර පරදින එක නවත්වන්න කාටවත් බෑ.
හොඳට බලන්න දිනය කවද්ද කියලා...?
තනතුර ගැන ප්‍රශ්නයක් තියෙන හැඩයි................
"මැතිවරණයක් ජයග‍්‍රහණය කරන අපේක්ෂකයෙකුගේ ජයග‍්‍රහණය නිශ්ප‍්‍රභා කිරීමට තරම් මේ මැතිවරණ වරද ප‍්‍රබලයි" - පුදුම බංකොලොත් ඩයල් එකක් අප්පා...!
මෙයාට නඩු ෆයිල් උස්සන් යනවාට වඩා වෙන රාජකාරියක් නැහැ වගේ... මෙහෙමත් දේශපාලුවෝ...!!