(අජන්ත කුමාර අගලකඩ)
අමාත්‍යධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ෆයිසාල් කාසීම් සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් දෙදෙනාද යළිත් ඇමැතිධූරයක් ගැනීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බවද ඔහු කීවේය.
ඒ අනුව ෆයිසාල් කාසීම් මහතා සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙසද අලිසහීර් මවුලානා මහතා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමැති ලෙස පත් කරන්නැයි නිර්දේශ කරමින් අගමැති කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද පස්වරුවේ දැනුම් දී ඇති බව වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එම් හාරිස් මහතා නියෝජ්‍ය ඇමැතිධූරය යළි බාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සති තුනක කාලයක් ඉල්ලා ඇති බවද එම ප්‍රකාශකයා කීවේය.
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එම පරීක්ෂණ වලට සහය පළකරන බව පවසමින් ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 10 දෙනෙක් සිය ධූර වලින් ඉල්ලා අස්වූහ.
ඉන් ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් මහතාගේ කණ්ඩායමක් රාවුෆ් හකීම්ගේ සහ කබීර් හෂීම් යන මහත්වරුන් පසුව සිය අමාත්‍යධූරවල දිවුරුම් දුන්හ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම් මහතා හැර අනෙක් කිසිවෙකුත් එදින අමාත්‍යධූරවල දිවුරුම් නොදුන් අතර අද පැවැති සාකච්ඡාවේදී ඉන් දෙදෙනෙකු ඇමැතිධූර බාරගැනීමට තීරණය කර ඇත.
COMMENTS
අනේ අපිට සේවය කරන්නනේ මේ මහන්සි වෙන්නේ...
මේවා ජනතාව මුලා කරන බොරු ප්‍රෝඩාවක්.
එතුමන්ලා පරීක්ශනවලට සහය දෙන්න ඉල්ල අස් වුනා ආදර්ශත් විදිහට. දැන් ඒවා අවසන් නිසා නැවත තනතුරු ලබා දෙන්න බාධාවක් නෑ.
තාම කාරක සභාවෙ වාර්ථාව ඇවිල්ලත් නෑ.. ලෝකෙට පේන්න බොරුවට රඟපෑවා ඔක්කොමන්වම අන්දලා. මෙහෙමත් රැවටිල්ලක්!
ඇමතිකම නැතුව සාංකාවේ බලාගෙන ඇති .....
ඇමතිකම් දරපු කෙනා තමයි එකේ රස දන්නේ... එළියේ ඉන්න අපි මොනවද දන්නේ? බලන්නකෝ මහින්ද බලය ගන්න ගහන ගැට, පොහොට්ටුවකුත් හැදුවා. අපිට මේ 225 දකින කොට අප්පිරියයි. නමුත් මේ නඩේ එකතු වුණාම කෑදරකම දෝරේ ගලනවා.
හිතුණාම නැගිටලා යන්නයි, අායෙත් හිතුණාම ඇවිත් ඒ පුටුවෙම වාඩි වෙන්නයි, මේක බස් එකක්ද?
ඔය සුලු ආගමික පක්ශ වල අයට හරිම අමාරුයි බලේ නැතුව ඉන්න. නෝනලගෙන් බර බරේ වෙන්නත් ඇති..
හෙන සාදාරන පරීක්ෂණ ......පව්නෙ තව දවස් 89 ඉනේ .ඔහේ හිටපුදෙන් ..ආයේ ඉතින් අවුරුදු 20 කටවත් ඇමති වෙන්නද .......
ඔව් ඉතිං තව හෙන්චයියන්ට පත්වීම් ගණනාවක් දීලා ස්ථිර කරලාම යාවි. අනේ මහජන මුදල්
එතුමන්ලා පරීක්ශන යටගහන්න සහය දෙන්න ඉල්ල අස් වුනා ආදර්ශත් විදිහට. දැන් ඒවා යටගහලා අවසන් නිසා නැවත තනතුරු ලබා දෙන්න බාධාවක් නෑ.
"එතුමන්ලා පරීක්ෂණ යටගහන්න සහාය දෙන්න ඉල්ලා අස් වුණා" අම්මට සිරිගජ එතුමන්ලා. ඉතින් මේ රටේ හම්බයෙක් ජනාධිපති කෙනෙක් වුනොත් පුදුම නැත..