(විනීතා එම් ගමගේ)
ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කර නැතත් බොහෝ ආරක්ෂාකාරි පියවර සමග ජනතාවට එළියට බසින්නට අවසර ලැබුණේය. මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ වසා තිබුණු මත්පැන් හල් විවෘත විය. කඩ පිලේ ඔසුසල්වල නොතිබු මහා තදබදයක් මත්පැන් හල්වල දකින්නට ලැබුණේය.
එය පුදුම සහගත පොරයකි. කොරෝනා වැළඳිමේ අවදානම හෝ සෞඛ්‍ය අංශවලින් දුන් උපදෙස් කිසිවක් මත්පැන් හල් ඉදිරිපිට දී එකීි පාරිභෝගිකයින්ට සිහිවූයේ නැත.
සියලූ මත්පැන් වෙළදසැල් තවත් මොහොතකින් වසන්නට සූදානම්වන ආකරයෙන් එකම එක බෝතලයක් හෝ මිල දී ගන්නට සැරසෙන අන්දමේ තරඟයක් එහි තිබුණේය.
කන බොන දේ ගන්නට නැත්නම් බෙහෙත් ගන්නට හෝ දරුපවුල වෙනුවෙන් යුතුකමක් ඉටුකරන්නට නොගන්නා උනන්දුවක් මත්පැන් බෝතලයක් දෙකක් ගන්නට දඟලන මේ පිරිස සතුව ඇතැයි පෙනිිණි.
මත්පැල් වෙළද සැල් ඉදිරිපිට සිටි පාරිභෝගිකයන් ගෙන් අති බහුතරය පිරිමින්ය. එය ප‍්‍රතිශතයක් ලෙස බැලූවත් සියයට 99 ක් අභිභවයි. මත්පැන්වලට මේ තරම් විශාල ඉල්ලූමක් ඇයි? මාස දෙකක් නැතිව සිටි මත්පැන් දිගටම නැතිව සිටින්නට බැරි ද?
මේ පිළිබඳව අදහස් දක්වන කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසන්නේ පුරුද්දට එහා ගිය ඇබ්බැහියක් මේ තත්ත්වයට හේතුවන බවයි.
‘‘මිනිසුන්ට පුරුදු තිබෙනවා. ඒවා හොඳ පුරුදු වෙන්නත් පුළුවන්. නරක පුරුදු වෙන්නත් පුළුවන්. එයින් සමහරක් පුරුද්දට එහා ගිය ඇබ්බැහි බවට පත්වෙනවා. පුරුද්දක් ඇබ්බැහියක් බවට පත්වීමත් සමගම තමන්ගේ පාලනයෙන් එය ගිලිහී යනවා.’’
මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වලින් මොළයෙන් නිකුත් වන ඩොපෙමින් හා සොරෙටොනින් යන රසායනික සංයෝගවල ක‍්‍රියාකාරකම් වෙනස් වෙයි. මේ වෙනස නිසා එම පුද්ගලයාට මත්පැන් පානය කර සිටින විට දැනෙන්නේ සතුටකි. මේ නිසා දිගටම එය භාවිතා කරති.
නමුත් දිගුකලක් මත්පැන් ගන්නා විට එම සතුට අඩුවෙයි. වැඩිපුර ගත යුතු වෙයි. මුලින් සතිපතා මත්පැන් ගන්නා තැනැත්තා පසුව දිනපතා ද ඉන්පසු උදේ හවස ද මත්පැන් පානය කරන්නේ මේ නිසාය.
මේ තත්ත්වය දිගින් දිගටම සිදුවීම අවසන් වන්නේ මත්පැන් නැතිව ජීවත් විය නොහැකි තැනකට ඔහු ඇද වැටීමෙනි. මෙවැන්නෙකුට මත්පැන් නැතිවිට නින්ද නොයන බවත් විවිධ රූප මැවී පෙනෙන බවත් පෙන්වා දෙන රූමි රූබන් මහතා සැකය නමැති රෝගය බොහෝ තැනැත්තන්ට ඇති වන බව කියයි. මේ නිසාම පවුලේ ප‍්‍රශ්න ඇති වෙයි. මෙවැන්නන් ආවේග පාලනය කර ගත නොහැකි තත්ත්වයකට පත්වන්නේය. තරහ පාලනය කර ගත නොහැකිය. කායික හා මානසික ආතතිය මෙන්ම විශාදය වැනි ආබාධවලට ගොදුරුවේ.
බොහෝ විට සමාජයෙන් කෙරෙන්නේ මෙවැන්නන් විවේචනය කිරීමයි. නමුත් එවැන්නන් වෙනුවෙන් කරන වැඩ සටහන් අඩුය. මත්පැන්වල ආදිනව නව යොවුන් වයසේ සිට අධ්‍යාපනයේ දිය යුතුය. පුනරුත්ථාපනය ද අවශ්‍යයි. ඒ සඳහා මනෝවිද්‍යාව අවශ්‍ය වේ.
රූමි රූබන් වෛද්‍යවරයා කියා සිටින්නේ මෙවැන්නන් පුනරුත්ථාපනය සදහා සෑම දිස්ත‍්‍රික්කයකම මධ්‍යස්ථාන තිබිය යුතු බවයි. ඔවුන් ගලවා ගැනීමට ඖෂධ මෙන්ම මනෝ විද්‍යා ප‍්‍රථිකාර ද ඇතැයි පෙන්වා දෙන ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට යොමු කිරීම පවුලේ අයගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ ද යුතුකමක් හා වගකීමක් යැයි පෙන්වා දෙයි.
රටක මත්පැන් අලෙවිය පාලනයට කටයුතු යෙදිය යුතු අතර ඒ සදහා ප‍්‍රතිපත්තිමය තීරණ ගතයුතු බවත් ඇබ්බැහිවූවන් ගලවා ගැනීමට හිතකර වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.
එවැනි වැඩ පිළිවෙලක ආරම්භය සදහා ඉතාම සුදුසු කාලය සේ කොවිඞ් වසංගතය පැතිර ගිය මේ කාලය පෙන්වා දිය හැකි බවත් වෛද්‍ය රූමි රූබන් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කොයි දේශපාලක හොරාටද ප්‍රතිපත්ති තියෙන්නේ.., බහුතරයක් බාර් අයිතිකාරයෝ, ඉතිරි උන් කුඩු ගෙන්වනවා. 225 ටම හෙන ඉල්ලන අය බොහොමයි...
බාර් ඇරියේ අල, පරිප්පු ගන්නද?
මත්පැන් සහ මත්පැන් ලෝලීන් අතර සම්බන්ධෙ කැඩෙන්නේ ලංකාවේ දේශපාලකයන් සහ මත්පැන්සැල් අතර සම්බන්දෙ නැතිවෙච්ච දවසට විතරයි.
මෙ කතාව සහතික ඇත්ත... ඒත් මෙක කවදාවත් කෙරෙන වැඩක් නෙමෙයි...
මත්පැන් බිව්වම ජොලිද?
අනේද කියන්නේ...? එතකොට මහා භාණ්ඩාගාරයේ ආදායම? දේශපාලුවන්ගේ මත්පැන් බලපත්‍ර... තව දේශපාලුවන්ගේ එතනෝල් ව්‍යාපාර. තව, හෙන්චයියලාගේ මත්පැන් ජාවාරම්... එකී මෙකි නොකී කීදෙනෙකුට කෙලින්ම හා වක්‍රව බලපානවාද? ඒවා නැතිවෙන්න දීලා බලාගෙන ඉඳීම හරිද?
මිනිස්සුන්ට හිත හදා ගන්න , සතුටු වෙන්න, එකතු වෙන්න තියන සියලු දේ තහනම් කරල තැබෑරුම් ඇරියාම නොබොන කෙනත් බොන්න හුරුවෙනව. අනික හැම ව්‍යාපාරයක්ම කඩා වැටිල තියෙද්දි බාරකාරයින්ට සල්ලි යනව කියන්නෙ රටේ රජ වෙන්නෙ බාර් කාරයො කියන එක....
මිස්සුන්ට බොන්න එපා කියලා උපදෙස් දෙන සමහර දොස්තරවරුන් හොඳට බොන අය. බොහෝ අමද්‍යප වැඩ කරන අයත් බොනවා. අපට බණ කියන බොහෝ දෙනා වකුගඩු නරක්කරගෙන පිටරටවල රෝහල් වල සිටිනවා.
මක්කයි මේ කියන්නේ පාර්ලිමේන්තුවේ 70% නියෝජනය බාර් අයිතිකරුවන් රාජ්‍ය නිලධාරීන් මේකෙන් කෝටි ගණන් උපයනවා මැති ඇමතිලා ඡන්ද කරන්නේ මේ ව්‍යාපාරයෙන් සහ කුඩු ප්‍රවාහනයෙන් ඕකයි තත්වේ.
ලංකාව පුරා බාර් කීයක් තියෙනවද? ඉන් කීයක් දේශපාලකයින්ට හා එම පවුල්වල අයට අයත්ද, කියක් සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට අයිතිද කියලා හොයලා බැලුවොත් මෙ මත්පැන් උවදුරට හේතුව සිතා ගතහැක.