(ජයන්ත සමරකෝන්)

මින්නේරිය බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත සිරකරුවන් අට දෙනෙකු රැගෙන එමින් සිටියදී බීමත්ව සිටි බවට චෝදනාවකට පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ඇප මත නිදහස් වූ නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙකු , සැරයන්වරයෙකු හා නියාමකවරයෙකු ගේ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු පැවැසීය.