(යොහාන් භාසුර)
ආනයන සීමා කළ ඇපල් සඳහා බද්ධ සියයට 200 කින් ඉහළ දමා ඇතැයි පළතුරු ආනයනකරුවෝ පවසති.
මිදි සහ දෙළුම් සඳහා බද්ධ සියයට 50 කින් වැඩි කර ඇති බවත් දොඩම්, නාරං, වියලි මිදි සහ පෙයාස් ඇතුළු සියලුම ආනයනික පළතුරුවල බද්ධ ඉහළ දමා ඇති බවත් ආනයනකරුවෝ කියති.
මෙම ආනයනය සීමාව පැනවීමට පෙර ඇපල් කිලොවක් සඳහා පැවැති රුපියල් 100 ක බද්ධ මේ වන විට රුපියල් 300 ක් දක්වා ඉහළ දමා ඇති බව කී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පළතුරු අනයනනික සමාගම නිලධාරියෙක් මිදි සහ දෙළුම් කිලෝවක් සඳහා පැවැති රුපියල් 200 ක බද්ධ රුපියල් 300 ක් දක්වා ඉහළ දමා ඇති බව ද සඳහන් කළේය.
මෙම බදු ඉහළ දැමීමත් සමඟ ඉදිරියේදී ඇපල්, මිදි සහ දෙළුම් ඇතුළු ආනයනික පළතුරු මිල කීපගුණයකින් ඉහළ යනු ඇතැයි ද ආනයනකරුවෝ කියති.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස පළතුරු වර්ග කීපයක් ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ යැයි භාණ්ඩ වර්ග 367 ක ආනයන සීමා කිරීමට රජය පසුගිය 9 වැනිදා පියවර ගත්තේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇපල් බද්ධ සියයට 200 කින් නගී
Kule Thursday, 10 March 2022 07:09 PM
පුදුමෙ කියන්නේ දේශීය පලතුරුවලත් මිල ඉහළ දාන එකනේ...
කිරි පුතා Thursday, 10 March 2022 07:39 PM
වසවිස තවරලා තවරලා එන ඇපල් කන්න ඕනද? ඝර්ම කලාපීය රටක්වන අපේ රටේ කොයිතරම් පළතුරු තියෙනවාද? මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනෑ.
BamunuarachchiSaturday, 12 March 2022 03:32 PM
අනේ කිරිපුතෝ, රට පලතුරු ඉල්ලනවා නොවෙයි බෙහෙත් නොගහපු අඹගෙඩියක්, කෙසෙල් ටිකක්, හොයලා දෙන්නකෝ...!
නිලාන් Thursday, 10 March 2022 07:59 PM
අයියෝ, තාත්තට ඇපල් ගන්නේ කොහොමද දැන්?
මෝ Friday, 11 March 2022 07:30 AM
ලෝකල් බඩු මාකට් එකට දාන්න...