IMG-LOGO

ඇපල් බද්ධ සියයට 200 කින් නගී

(යොහාන් භාසුර)

ආනයන සීමා කළ ඇපල් සඳහා බද්ධ සියයට 200 කින් ඉහළ දමා ඇතැයි පළතුරු ආනයනකරුවෝ පවසති.

මිදි සහ දෙළුම් සඳහා බද්ධ සියයට 50 කින් වැඩි කර ඇති බවත් දොඩම්, නාරං, වියලි මිදි සහ පෙයාස් ඇතුළු සියලුම ආනයනික පළතුරුවල බද්ධ ඉහළ දමා ඇති බවත් ආනයනකරුවෝ කියති.

මෙම ආනයනය සීමාව පැනවීමට පෙර ඇපල් කිලොවක් සඳහා පැවැති රුපියල් 100 ක බද්ධ මේ වන විට රුපියල් 300 ක් දක්වා ඉහළ දමා ඇති බව කී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පළතුරු අනයනනික සමාගම නිලධාරියෙක් මිදි සහ දෙළුම් කිලෝවක් සඳහා පැවැති රුපියල් 200 ක බද්ධ රුපියල් 300 ක් දක්වා ඉහළ දමා ඇති බව ද සඳහන් කළේය.

මෙම බදු ඉහළ දැමීමත් සමඟ ඉදිරියේදී ඇපල්, මිදි සහ දෙළුම් ඇතුළු ආනයනික පළතුරු මිල කීපගුණයකින් ඉහළ යනු ඇතැයි ද ආනයනකරුවෝ කියති.  

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස පළතුරු වර්ග කීපයක් ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ යැයි භාණ්ඩ වර්ග 367 ක ආනයන සීමා කිරීමට රජය පසුගිය 9 වැනිදා පියවර ගත්තේය.  



අදහස් (5)

ඇපල් බද්ධ සියයට 200 කින් නගී

Kule Thursday, 10 March 2022 07:09 PM

පුදුමෙ කියන්නේ දේශීය පලතුරුවලත් මිල ඉහළ දාන එකනේ...

:       0       0

කිරි පුතා Thursday, 10 March 2022 07:39 PM

වසවිස තවරලා තවරලා එන ඇපල් කන්න ඕනද? ඝර්ම කලාපීය රටක්වන අපේ රටේ කොයිතරම් පළතුරු තියෙනවාද? මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනෑ.

:       0       0

BamunuarachchiSaturday, 12 March 2022 03:32 PM

අනේ කිරිපුතෝ, රට පලතුරු ඉල්ලනවා නොවෙයි බෙහෙත් නොගහපු අඹගෙඩියක්, කෙසෙල් ටිකක්, හොයලා දෙන්නකෝ...!

:       0       0

නිලාන් Thursday, 10 March 2022 07:59 PM

අයියෝ, තාත්තට ඇපල් ගන්නේ කොහොමද දැන්?

:       0       0

මෝ Friday, 11 March 2022 07:30 AM

ලෝකල් බඩු මාකට් එකට දාන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site