











(ඉෂාන් සංජීව )
කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පැවැතිය ද ආයතන ඇරඹීමට රජය ගත් තීරණයත් සමඟ අද (11) පෙරවරුවේ සැලකිය යුතු පිරිසක් කොළඹ නගරය වෙත පැමිණෙන අයුරු දැක ගත හැකි විය.
පෙරවරු කාලයේ දී කාලයේ දී කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත දුම්රිය තුනක් පමණ පැමිණි අතර බස් රථ සේවා කිහිපයක් ද ක්‍රියාත්මක විය.
කොළඹ නගරයේ වෙළෙඳසල් බොහොමයක් වසා දමා තිබුණ ද අතරින්පතර වෙළඳ සැල් කිහිපයක් විවෘත කර තිබූ අයුරු දැකගත හැකි විය.
මගීන් අතර පරතරය රැක ගනිමින් දුම්රිය සහ බස්රථ සේවා ක්‍රියාත්මක වූ ආකාරයද දක්නට ලැබිණි.

COMMENTS
අතුරු සිදුරු නොමැතිව දුක් විඳි කාලේ ... බස්වල වින්ද දුක මතකයි ඒ කාලේ ... තනි ආසනයේ සුව පහසුව යන වේලේ ... කතුන් සහ පිරිමි හිංසන නැතුවම වේලේ ..
බස්වල ප්‍රේමයෙන් හදවත් වලට සෙනේ ... ගෙනදුන් බවක් දැන් දැන් හදවතට දැනේ ... ලස්සන මුහුණු රෙදි කඩකින් වසනු පෙනේ ... කිමද ? කොරෝනා නුඹ දුන් මාර හෙණේ ...