(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට ආසන්නයේ පිහිටි ඇතුමල්පිටිය වැවේ වැව්පිටියේ තිබී ඉපැරණි ශිව දේවාලයකට අයත් ශිවගල නමින් හඳුන්වනු ලබන පුරාවිද්‍යා ස්මාරකයක් හමුවූ බව පොලොන්නරුව පොලීසිය කියයි.
මෙය අඩි 06ක් පමණ දිගින් සහ අඩි 04ක් පමණ පළලින් යුත් බව පුරාවිද්‍යා නිලධාරීහු පැවැසූහ.
පොලොන්නරුව පුරාවිද්‍යා කලාප කාර්යාලයට ලැබුණු තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් එම වැව්පිටියට ගොස් මෙම පුරාවිදු ස්මාරකය හඳුනාගන තිබේ.
ශිව දේවාලයක අභ්‍යන්තරයේ තැන්පත් කර තිබෙන්නට ඇතැයි බොහෝදුරට විශ්වාස කෙරෙන මෙම දුර්ලභ ගණයේ ශිවගල ක්‍රිස්තු පූර්ව 07වන සියවසට පමණ අයත් එකක් වියහැකි බව පුරාවිද්‍යා නිලධාරීහු කියති.
නිධන් සොරුන් විසින් මෙම ශිවගල පුරාවිද්‍යා බිමක තිබී හෝ නීති විරෝධී කැණීමක් මගින් සොයාගෙන රැගෙන ඒමෙන් පසුව මෙම වැව්පිටියේ අත්හැරදමා යන්නට ඇතිබවට විමර්ශන සිදුකරන පොලීසිය සහ පුරාවිද්‍යා නිලධාරීහු සැක පළ කරති.
පොලොන්නරුව පොලීසිය සහ පොලොන්නරුව පුරාවිද්‍යා කලාප කාර්යාලයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ සිදුකරති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඇතුමල්පිටිය වැව්පිටියෙන් පුරාවිද්‍යා ස්මාරකයක් හමුවෙයි