(නාලක සංජීව දහනායක)
සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනමට ඇත්තම හේතුව වත්මන් ආණ්ඩුවේ බලපෑම් සම්බන්ධයෙන් ඇත්ත ප‍්‍රකාශ කිරීම යැයි විපක්‍ෂානයක මහින්ද රාජපක්‍ෂ මහතා අද (29) පැවසීය.
වත්මන් ආණ්ඩුව කළ වැඩ පිළිබඳව එකිනෙක එළිවෙමින් තිබෙන බවත් ඒ අනුව ඉදිරියේ දී තවත් බොහෝ දේවල් හෙළිවේ යැයි ද ඔහු කීය.
එහිදී විපක්‍ෂනායකවරයා මෙසේද පැවැසීය.
"වසර විසි ගාණකට පසුව අපිට සියලූ මැතිවරණ උතුරු හා නැගෙනහිර පළාත්වල පැවැත්වීමේ හැකියාව ලැබුණා. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නේ අපි. මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවභාවිතා කළා. නමුත් මේ අය මැතිවරණ කල් දැම්මා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් චෝදනා නැතුව තමන්ගේ විරුද්ධවාදීන්ට නඩු පැවරූ ආකාරය ගැන සොලිස්ටර් ජනරාල්වරිය දැන් කියනවා. ඇත්ත කියන්න යෑම නිසා දැන් ඇයගේ වැඩ තහනම් වෙලා. මේ ආණ්ඩුව කරපු වැඩ ගැන දැන් එකිනෙක එළිවෙමින් තිබෙනවා. තවත් ඒවා ඉස්සරහදි එළිවේවි.
පහුගිය කාලේ නියඟය තිබුණා. දැන් වැස්ස වැඩිවෙලා ගංවතුර ගලලා. යුද්ධය නිම කරලා අපිට අවුරුදු දහයක් නිදහසේ ඉන්න ලැබුනේ නැහැ. මරාගෙන මැරෙන බෝම්බ පිපුරුණා. ජාතික ආරක්‍ෂාව විනාශ කළා. එතැනින් නැවතුණේ නැහැ. දැන් අලි මරා දමන්නත් පටන්ගෙන. කැලේ ඉන්න අලින්ට විස කවලා මරාදමනවා. කකුල් දෙකේ අලිනම් පන්නන්න ඕනෑ. මේ තත්ත්වයන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි" යැයි ඔහු කීය.
කොළඹ, ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (29) පැවැති ලංකා සමසමාජ පක්‍ෂයේ විශේෂ මහ සමුළුවට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

COMMENTS
කිඹුල් කඳුළු...
ඕවට මෙහෙමත් කියනවා.. බල්ලොත් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක නැගිටින්න කියලා. ඒ වගේම කුම්බලා මාළු කෑවා නම් විඳවපන් කියලා.
ශිරාණි බණ්ඩාරනායක කියලා කෙනෙක් හිටියා මතකද දන්නෑ..
ඇත්ත කියූ නිසා දිල්රුක්ෂි ගෙදර ඇරියා කියමුකෝ... බොරු කියකියා ජනතාව රවට්ටන කුහක දේශපාලකලාට මොකද කරන්න ඕනේ?
දැන් දිල්රුක්ෂි සීදේවි.... හොර හොයන කාලේ කව්ද එතකොට?
ඇත්ත කියලා සමහරු මහපාරේ වෙඩි කෑවා.. අමතක වෙන ලෙඩේට බෙහෙත්ගන්න.
අම්මපා කටින්ද කතා කරන්නේ? මේ වගේ අවස්ථාවාදී, බලලෝභී අය තවත් නැතිව ඇති. එතකොට හිටපු අගවිනිසුරුතුමියට මොකද වුණේ?
මේ වෙලාවේදී සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ පිටින් ලකුණු දමාගන්න එන්න එපා..! ඒ කාලේ කරපු වැඩ ගැනත් හිතන්න. ඒවා ගැණත් පසුතැවිලි වෙනවා වගේ කතා කියන්න මොකද බය? මිනිහෙක් සුදනා වෙන කතා කියන්නේ එයාගේ බලය පහවී ගියාට පස්සේ බව මහින්ද රාජපක්ෂ මීට පෙර කිහිප පාරක් කියා තිබේ. කරලා ඔප්පු කරලත් තිබෙනවා. ඕවා කියලා අපේ කාලේ කන්න එපා!!!
සිත නිවන කතා අංක 01..
අපේ මහරජතුමාට විරුද්ධව කොමෙන්ට් දාන එවුන් රාජ ද්‍රෝහියෝ...
හොඳ ආදර්ශයක්.., සෑම සියලු දෙනාම ඇත්ත කියනවා නම් සියල්ල යහපත්...
තමුන් බලයේ ඉන්න කාලේ කරපුවා මතක නැහැ වගේ. සුදනා වෙන්න හදනවා. අපි මැරිලා, ඉපදුණා කියලා හිතාගෙන ඇති...
දේශපාලනයට අත්‍යවශ්‍යම සුදුසුකම තමන්ට ඇති බව මෙතුමා නැවත නැවතත් පෙන්නුම් කරනවා. එ්කට කියන්නේ ලැජ්ජා නැතිකම කියලයි. හැබැයි, ඕකේ වටිනාකම කියන්නේ, වහලුන් ඔය කරන කතා ඇහුවාම හිතන්නේ මේ කියන්නේ ඇත්ත නේද කියලා...
සාටකයෝ අන්න යහපාල කියනවා අද ඔබ ඔය විපක්ෂ නායකකමේ ඉන්නේ එයාගේ ලියවිල්ලක් උඩයි කියා.මේ වගේ කතා අහගෙන තවත් ලැජ්ජා තියනවනම් ඔහොම ජනතාව අතරට එන්නේ නැහැ .
මොහු දැන් ඉන්නේ ක්‍රෝධයෙන් මත්වෙලා . මොහු මේ ළඟදී රැස්වීමක කියා තිබෙනවා අපිට බලය ලැබුනාම අපිට හිරිහැර කරපු ඔක්කොම එවුන් නැති කරනවා කියලා.ඔව් ඇත්ත මේ එන්න හදන්නේ මේ දේ කරන්න තමයි. හැබැයි සාටකයන්ට දිනන්න නොහැකි නිසා ඒ දේ කරන්න ලැබෙන්නේ නැහැ.
ලංකාවේ සියලු දේශපාලන පක්ෂවල ඉන්නේ ඒ ඒ පක්ෂවලට අදාල මත පිළිගන්න අය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක ප්‍රධාන ලක්ෂණය වන්නේ ඒ විවිධ මතධාරීන්ගේ මත ගැටුමේ සම්ප්‍රයුක්තය රාජ්‍ය යාන්ත්‍රණය බවට පත්කිරීමට නීති සම්පාදනය කරමින් උපාය උපක්‍රම දීමයි. විවිධ මත තිබීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අවශ්‍යම සාධකයක් වන අතර ඒ ඒ මත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටේ ප්‍රගතියට ඉවහල් වෙනවා. එවැනි විවිධ මත උත්පාදනය මෙන්ම ද්වේශයෙන් තොරව බුද්ධිමත්ව කරන ඒ ඒ මත ගැටීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නැතුවම බැරි සාධකයක් මිස ඒ ඒ මතධාරීන් එකිනෙකාට හතුරෝ නොවෙයි. යම් ජනපති අපේක්ෂකයෙකු වෙනුවෙන් කතා කරන අය තම ප්‍රතිවාදියා හතුරෙකු ලෙස හුවා දක්වමින් එම ප්‍රතිවාදියාට වෛරී දේශපාලනය නොකරන ලෙසට බණත් කියනවා රූපවාහිනිය නරඹතද්දි මට ඇහෙනවා. අනේ ඇත්තට මේ වගේ පුහු කතා කියන අයටත් ඡන්දේ දෙන මෝඩයොත් ඉන්නවනේ මේ රටේ.
මෙහෙම අධික තණ්හාවෙන් පෙළෙන පුද්ගලයෙක් මුළු දේශපාලන ඉතිහාසයේම සිටියේ නැත.
මේ වගේ කාලකන්නියන් පත්කරපු අපිටයි ගහන්න ඕනේ. ශිරාණි බණ්ඩාරනායකට මේ මනුස්සය කළදේ මතක නෑ වගේ දැන් කියවන්නේ...