IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඇතෙක් මරුවාට ලක්ෂ 12ක දඩයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විදුලි සැර වද්දවා ඇතකු මරා රහසිගතව වල දැමිමේ සිද්දියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනකුට රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කිරීමට පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා නියෝග කළේය.

පුත්තලම කල්අඩිය ග්‍රාම නිළධාරි වසමට අයත් නෙළුම් වැව ප්‍රදේශයේ පිහිටි වගා බිමකට ආසන්නයේදි පසුගිය වසරේ නොවැම්බර් 21 දිනට ආසන්න දිනකදි ඇතාට විදුලි සැර වද්දවා මරා දමා පසුව ජේසිබි යන්ත්‍රයක ආධාරයෙන් දැවැන්ත වළක් කපා වළ දමා තිබූ බව අධිකරණයේදී කියැවිණි.

මාස තුනකට ආසන්න කාලයක් පැවති නඩු විභාගය අවසානයේ මෙම සිද්දියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අලි රෝෂාන් නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන එම්.ඩි.රෝෂාන් අනුරුද්ධ දිසානායක නැමති අයට මුදලින් රුපියල් ලක්ෂ පහක් නියම කළේය.

ප්‍රධාන සැකකරුට නියම කල දඩ මුදල 8 දින අධිකරණයට බැදිමට නියෝග කළ මහෙස්ත්‍රාත් වරයා එසේ නොගෙවන්නේ නම් මාස හයක බරපත වැඩ සහිතව සිර දඩුවම් නියම කිරීමටද නියෝග කළේය.

ඒ සමගම තුන්වන,හතරවන, හා පස්වන සැකකරුවන් වන පිළිවෙලින් ඩි.එම්.සිනෙත් නිශාන්ත,එම්.ඩි.ජනක රුවන් දිසානායක,හා කේ.ජයවිර පෙරේරා යන වරදකරුවන්ට එක් අයකුට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් හත් ලක්ෂ පනස් දහසක දඩ මුදලක් නියම කර තිබුනී.

එම දඩ මුදල ජූලි 26 දිනට පෙර ගෙවිමට අතිරේක මහෙස්ත්‍රාත් වරයා අවසර දුන්නේය.

මෙම නඩුවේ දෙවන සැකකාරිය වන වඩිවෙල් වල්ලි අම්මා නැමති සැකකාරියට තමන් අධිකරණයේදි නිවැරදීකාරිය බව පැවසිම නිසා එම නඩුව විභාග කිරීමට අතිරේක මහෙස්ත්‍රාත් වරයා අවසර ලබා දී තිබුනී.

මෙලෙස  ඝාතනය කර තිබුණේ වයස අවුරුදු 35 කට ආසන්න අඩි 8 ක් උසැති අතේකු බව වනජීවි නිළධාරින් පවසයි.

 



අදහස් (4)

ඇතෙක් මරුවාට ලක්ෂ 12ක දඩයක්

chinthana Wednesday, 09 March 2022 09:47 AM

අලියෙක් මිනිහෙක් මැරුවම දෙන වන්දිය අවමංගල කටයුතු කරන්නත් මදි .අලියෙකු මැරුවහම ලොකු දඩයක් ගහනවා.මිනිස්සුන්ට වඩා අලි වටිනවා .අලි වගා බිම් වලට ඇවිත් විනාශ කරද්දී හෝ තමන්ව මරද්දී මිනිස්සු බලාගෙන ඉන්න ඕනේ

:       13       2

kamalWednesday, 09 March 2022 01:58 PM

ඔය කියන වගාබිම් අලින්ගේ ඉඩම්. ඒවා බලෙන් අල්ලා ගත්තාට අලින්ට ඒවා මතකයි.

:       0       7

nalin Wednesday, 09 March 2022 02:18 PM

ඔය අලි රොශාන් කියන එකාට නම් නීති හදල හරි දඩුවම් කරන්න ඕනෙ. මොකද ඕකා ඔය අලි සම්බන්දව කරන විනාශය සුලුපටු නෑ. ඔය ලක්ශ 5 ගෙවන එක ඕකට ගේමක් නෑ. ඒක හින්ද මූට ලොකු දඩුවමක් දෙන්න ඕනෙ. යකෝ අලියෙක් හිතාමතා මැරුවනම් ලොකු දඩුවමක් දෙන්න ඕනෙ.

:       0       8

fairoosWednesday, 09 March 2022 02:30 PM

සහතික ඇත්ත... ලක්ෂ 5ක් ගෙවලා මිනිහා ආපහු වැඩ පටන් ගනී....

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site