IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආහාර විස වීමකින් ගිනිගත්හේනේ සිසුහු 41 ක් රෝහලේ

(රංජිත් රාජපක්ෂ)

ආහාර විස විමක් හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කළුගල සිංහල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 41 දෙනෙකු ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුවියන් 11  දෙනෙකු සහ සිසුන් 30 දෙනෙකු මෙසේ රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

අසාත්මිකතාවය , උදරයේ දැවිල්ල සහ වමනය යන රෝග ලක්ෂණ ඇතිව අද (31) උදැසන 9.30 ට පමණ සිසුන් පිරිස රෝහලට ඇතුළත් කළ බව ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිවරයා පැවසීය.

ඉකුත් (28) දින එම පාසලේ පැවති වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවයේදි ළමුන්ට ආහාරය සදහා මාළු බනිස් ලබා දී ඇති අතර ,එම මාලු බනිස් ආහාරයට ගත් ළමුන් වරින් වර කිහිප දෙනෙකු මෙසේ අසනීප වූ බවත්, අද (31) දින වන විට පාසලේ සිසුන් විශාල පිරිසක් එක්වර රෝගාතුර වි ඇති බව ගිනිගත්හේන මහජන සෞඛ්‍යය පරීක්ෂක තිසර විරසේකර මහතා ප්‍රකාශ කළේය.

රෝහල් ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (0)

ආහාර විස වීමකින් ගිනිගත්හේනේ සිසුහු 41 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site