(රංජිත් රාජපක්ෂ)
ආහාර විස විමක් හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කළුගල සිංහල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 41 දෙනෙකු ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුවියන් 11 දෙනෙකු සහ සිසුන් 30 දෙනෙකු මෙසේ රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
අසාත්මිකතාවය , උදරයේ දැවිල්ල සහ වමනය යන රෝග ලක්ෂණ ඇතිව අද (31) උදැසන 9.30 ට පමණ සිසුන් පිරිස රෝහලට ඇතුළත් කළ බව ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිවරයා පැවසීය.
ඉකුත් (28) දින එම පාසලේ පැවති වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවයේදි ළමුන්ට ආහාරය සදහා මාළු බනිස් ලබා දී ඇති අතර ,එම මාලු බනිස් ආහාරයට ගත් ළමුන් වරින් වර කිහිප දෙනෙකු මෙසේ අසනීප වූ බවත්, අද (31) දින වන විට පාසලේ සිසුන් විශාල පිරිසක් එක්වර රෝගාතුර වි ඇති බව ගිනිගත්හේන මහජන සෞඛ්‍යය පරීක්ෂක තිසර විරසේකර මහතා ප්‍රකාශ කළේය.
රෝහල් ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.


2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
401
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආහාර විස වීමකින් ගිනිගත්හේනේ සිසුහු 41 ක් රෝහලේ