IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ විෂය පථය අලුත් වෙයි

(නිමල කොඩිතුවක්කු)
 
ආහාර නිෂ්පාදන හා අලෙවිය උදෙසා අවශ්‍ය ප‍්‍රමිතිය හඳුන්වාදෙමින් ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලයේ විෂය පද්ධතිය යාවත්කාලීන කරන බව කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය  පී. හැරිසන් මහතා පැවසීය.

රටේ ඉදිරි පරම්පරාවේ ආහාර සුරක්ෂිතාවය, ජීවන රටාව හා සෞඛ්‍ය හා පෝෂණය පදනම් කරගනිමින් ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලයේ කටයුතු පුළුල් කරන බව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

1973 සාගිනි නිවීමේ පනත යටතේ ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලය ස්ථාපිත කරනු ලැබීය.

එවක රටේ පැවති අවශ්‍යතාවයන් අනුව මෙම ආයතනයේ අරමුණු නිශ්චය කර තිබුණ ද වසර 46ක් තුළ ජනතාවගේ ජීවන රටාවේ වෙනස්කම් හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව අනාගතය පුරෝකථනය කරමින් ආහාර ප‍්‍රවර්ධනය සඳහා නව අරමුණු, කාර්යන්, හඳුනා ගනිමින් මෙම කටයුතු කඩිනමින් සිදුකරන ලෙසට අමාත්‍යවරයා ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලයේ නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.

එම කාර්යන් සඳහා රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සම්බන්ධ කරගනිමින් වඩාත් ගැලපෙන ආහාර නිෂ්පාදන හා අලෙවිය උදෙසා අවශ්‍ය ප‍්‍රමිතිය හඳුන්වා දෙමින් ඒවා නියාමනය කරන ලෙසට ද අමාත්‍යවරයා එහි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ.



අදහස් (0)

ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ විෂය පථය අලුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site