ඇමෙරිකාව, චීනය ඇතුළු විදෙස් රටවල ප්‍රධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) පැවැත්වෙන අද(02) දිනයේ සුළු පිපිරීම් හයක් සිදුවී ඇති බව තායිලන්ත පොලිසිය පවසයි.
පිපිරීම්වලින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, එයින් තිදෙනෙක් නගර පිරිසිදු කරන සේවක කාන්තාවෝ වෙති.
මේවා කුඩා ප්‍රමාණයේ බෝම්බ බව සොයාගෙන ඇත.තවත් බෝම්බයක් පිපිරී යාමට පෙර සොයාගෙන නිෂ්ක්‍රීය කර තිබේ. රැස්වීම පැවැත්වෙන ප්‍රදේශයේ තිබී ව්‍යාජ බෝම්බ දෙකක් ද සොයාගෙන ඇති අතර, පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බැංකොක් නුවර ආසන්නයේ පිහිටි ස්ථාන දෙකකදී පළමු සහ දෙවන පිපිරුම් අද උදෑසන 9.00ට පමණ සිදුවී ඇති අතර, උතුරු ප්‍රදේශයේ අමත්‍යවරුන් රැස්වන රාජ්‍ය ආයතනයක් ආසන්නයේ තෙවන පිපිරුම වූ බව බලධාරීහු පවසති.
තායිලන්තයේ ප්‍රතිරූපයට හානි වන ආකාරයෙන්, සාමයට බාධා කරන මෙවැනි සිදුවීම්වලට අදාළ පුද්ගලයන් නීතිය හමුවන පමුණුවන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔ-චා මහතා ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.
(රොයිටර් ඇසුරිනි)
16844



2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘ආසියාන්’ සමුළුව පැවතියදී තායිලන්තයේ සුළු පිපිරීම් 6ක්