(නිමල කොඩිතුවක්කු)
ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද සිට අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව ආසන සංඛ්‍යාවට වඩා මගින් ප්‍රවාහනය කරනු ලබන ශ්‍රී ලංගම බස් රථ හා පෞද්ගලික අංශයේ සියලුම බස් රථ පිළිබඳව හෙට සිට සෝදිසි මෙහෙයුම් සිදුකරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
නිරෝධායන නීතිවලට යටත් ව සියලුම මගී ප්‍රවාහන බස් රථ වල මගින් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් බස් රථ හිමියන්ට සහ රියැදුරු කොන්දොස්තර වරුන්ට දැනුම් දී ඇතැයිද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.
සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොතකා බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කරන බවට විශාල පැමිණි සංඛ්‍යාවක් ලැබී ඇති බැවින් මෙම පියවර ගත් බවද අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර පානදුර අංක 17 බස් වලට මේ නීතිය අදාල නැහැ
වාහනයක් ගත්තාම සියයට හාරසියයක් ටැක්ස් ගහනවා .අනිත් හැම දෙයකටමත් ටැක්ස් .සීට් ගානට යන්න ඕනෙනම් සහන දෙන්න ඕනේ .ලෝකයේ එකම රට මෙච්චර ටැක්ස් ගහන