(අමදෝරු අමරජීව)

කොවිඩ් -19 ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ආදාහනය නොකර භූමිදානය කිරීමට ඉඩකඩ ලබාදෙන ලෙස බලකරන උද්ඝෝෂණයක් අද (27) කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණි.

මහා වැසි නොතකා  කින්නියා ජම්මියතුල් උලමා සභාව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරන ලදී.

උද්ඝෝෂකයන් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මුස්ලිම්  මෘත දේහ වල දැමීමට  අවසර ලබාදිය යුතු බවය.

උද්ඝෝෂණය අවසානයේ  කින්නියා ජම්මියතුල් උලමා  සභාවේ සභාපති  මනප් මොහොම්මදු  ඉබායතුල්ලා මවුලවිතුමා විසින් මේ සම්බන්ධව සංදේශයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි  ප්‍රාදේශීය ලේකම්  මොහොමඩ් හනිපා මොහොමඩ් කනි මහතා වෙත භාරදෙන ලදී.