(නිමන්ති රණසිංහ)
රෝගී ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රැඳවීමේ ක‍්‍රමවේදය අද උදෑසන සිට කළුතර දිස්ති‍්‍රක්කයෙන් ආරම්භ කළ බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පෙරහුරුවක් ලෙසින් කඵතර දිස්ති‍්‍රක්කයෙන් අද උදෑසන සිට ආරම්භ කළ මෙම ක‍්‍රමවේදය දින තුනකට පසු සමාලෝචනය කර බස්නාහිර පළාතේ අනෙකුත් දිස්ති‍්‍රක්ක දෙක වන කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්ක සදහා ද කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
මෙම ක‍්‍රමවේදයට අනුව රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය සහ වයස අවුරුදු 60කට වැඩි අය රෝහල් වෙත යැවීම සිදුකරන අතර, සුළුරෝගී ලක්ෂණ පෙන්නුම් කරන අයවලූන් අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමටත් කි‍්‍රයා කරන බව ද ඔහු කීවේය.
නිවෙස්වල නිරෝධායන කරන ක‍්‍රමවේදයයට අනුව රෝගී ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රැදවීමේ මෙම ක‍්‍රමවේදය දින තුනක කාලයක් අත්අහදා බැලීම සිදුකිරීමට නියමිතව ඇති බවත් ඉන් අනතුරුව අනෙක් ප‍්‍රදේශ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආසාදිතයන් නිවෙස්වල රැඳවීමේ ක‍්‍රමවේදය කළුතර අද අරඹයි
Supun Ishanka Friday, 21 May 2021 09:19 AM
එහෙම දැන් පටන්ගත්තා කිව්වට මොකද හැටන් එකේ මගේ මාමා හැදිලා දවස් ගානක් ගෙදර.. PCR එක කරන්න යන්න වුනෙත් ලෙඩේ තියන් පුද්ගලික වාහනේක.. රිපෝට් ඇවිල්ලත් දවස් ගාණක් ගෙදර ඉඳලා අන්තිමට අමාරු වුණාට පස්සේ පෙරේදා එයාගෙම වාහනේ ගිහින් හොස්පිටල් ඇඩ්මිට් වුනේ කියලා.. අසරණ මනුස්සයා නැති වුණා ඊයේ උදේ.. ඔය බයිලා කියෙව්වට කොළඹින් පිට වෙනදේවල් බලන්න මොකෙක්වත් නෑ.. ඒ ගෙදර මුලින්ම පොසිටිව් වෙච්ච ලෙඩාව අදයි කොරන්ටයින් සෙන්ටර් එකකට යවන්න හදන්නේ දැන් සතියකට වැඩියි. කටින් බතල හිටෙව්වට වැඩක් නෑ..
Buddika Friday, 21 May 2021 10:30 AM
හමුදාපතිතුමෝ, මේක කළුතරින් අලුතින් අරඹන්න දෙයක් නැහැ. කොරෝනා හැදුණු මම දන්න කීපදෙනෙකුම අදටත් ඉන්නේ ගෙවල්වල. ලංකාව පුරා මේ තත්වය එලෙසයි.
Sri Lanka Friday, 21 May 2021 09:40 PM
අපේ සිංහල වෙද මහත්වරු කළින් කිව්වනේ... මේක සෑම ලෙඩකටත් වඩා සැර අඩු එකක් කියලා ගෙදර ඉඳලා හොඳ කරගන්න පුළුවන් කියලා. දැන් ඒකම නේද කරන්නේ කොලේ වහලා...?
Rata Perata Friday, 21 May 2021 09:41 PM
මොකක්ද ඕකෙ තියෙන ක්‍රමවේදය? ඉස්පිරිතාලේ ඉඩ නැත්නම් කොහොමත් ගෙදර තමයි ඉන්න වෙන්නේ. නැතුව අරලියගහ මන්දිරයට යන්නද?
de silva Saturday, 22 May 2021 01:51 AM
රට සිට එන විදේශ ශ්‍රමිකයෝ නිවාස නිරෝධායනය කරන්න බැහැ කියලා උඩ පැන්නා. දැන් කොරෝනා ලෙඩ්ඩුන්ට ගෙදර ප්‍රතිකාර කරනවා.