(නිමන්ති රණසිංහ)

රෝගී ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රැඳවීමේ ක‍්‍රමවේදය අද උදෑසන සිට කළුතර දිස්ති‍්‍රක්කයෙන් ආරම්භ කළ බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පෙරහුරුවක් ලෙසින් කඵතර දිස්ති‍්‍රක්කයෙන් අද උදෑසන සිට ආරම්භ කළ මෙම ක‍්‍රමවේදය දින තුනකට පසු සමාලෝචනය කර බස්නාහිර පළාතේ අනෙකුත් දිස්ති‍්‍රක්ක දෙක වන කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්ක සදහා ද කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මෙම ක‍්‍රමවේදයට අනුව රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය සහ වයස අවුරුදු 60කට වැඩි අය රෝහල් වෙත යැවීම සිදුකරන අතර, සුළුරෝගී ලක්ෂණ පෙන්නුම් කරන අයවලූන් අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමටත් කි‍්‍රයා කරන බව ද ඔහු කීවේය.

නිවෙස්වල නිරෝධායන කරන ක‍්‍රමවේදයයට අනුව රෝගී ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රැදවීමේ මෙම ක‍්‍රමවේදය දින තුනක කාලයක් අත්අහදා බැලීම සිදුකිරීමට නියමිතව ඇති බවත් ඉන් අනතුරුව අනෙක් ප‍්‍රදේශ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බව  ද යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.