(මුදිතා දයානන්ද)
රාජ්‍ය ආරක්ෂාව ගැන මිසක් ආර්ථික ආරක්ෂාව ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. එහෙත් ත‍්‍රස්තවාදීන්ගෙන් රට ආරක්ෂා කරනවා වගේම ආර්ථිකය රැකගත්තේ නැත්නම් රටකට පැවැත්මක් නැතැයි හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (27) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පුස්තකාල ප‍්‍රලේඛන ශ‍්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු තවදුරටත් මෙසේ ද පැවසීය.
"අපේ රටේ දළ ජාතික ආදායමට කෘෂිකර්මාන්තයේ දායකත්වය තිබෙන්නේ පහළ මට්ටමක. ඒ නිසා එවැනි අංශයකට ලොකු මුදලක් වැය කිරීමේ තේරුමක් නැති බව බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් රටක සාර්ථකත්වය රැඳී තිබෙන්නේ ඒ රටේ ජනතාවගේ සතුට මත. අද ලෝකයේ සතුටින් සිටින ජාතිය නම් කරන්න පටන් අරන් තියෙන්නේ ඒක රටක සාර්ථකත්වයේ මිනුමක් නිසා.
අපේ කෘෂිකාර්මික ප‍්‍රජාව තමයි ජනගහනයෙන් වැඩි පිරිසක් සිටින්නේ. ඒ ජනතාව සතුටින් නැත්නම් රටම සතුටින් නෙවෙයි වගේ. ඔවුන් සතුටින් තියන්න නම් කෘෂිකාර්මික නිෂ්පාදනවලට සාධාරණ මිලක් ගෙවිය යුතුයි. එහෙත් අද අපේ කෘෂිකාර්මික නිෂ්පාදනවලට සාධාරණ මිලක් ගෙවනවා වෙනුවට අඩු මිලට පිටරටින් භාණ්ඩ ගෙන්වනවා. විවෘත ආර්ථිකය තුළ අද අපේ රටට ගෙන්වන්නේ නැති භාණ්ඩයක් නැති තරම්.
අපේ පාලකයින් කල්පනා කරන්නේ ගොඩනැගිලි ඉදිකිරීම සංවර්ධනය කියලා. ඒ නිසා කුඹුරු ගොඩකරලා ගොඩනැගිලි ඉදිකරනවා. මේක කරන්න එපා කියලා අපි කොයිතරම් කිව්වත් කිසිම කෙනෙක් අහන්න සූදානම් නැහැ.
අපිට ඉන්දියාවේ හෝ චීනයේ කෘෂිකර්මාන්තය සමඟ හැපෙන්න බැහැ. ඒ රටවල කෘෂි නිෂ්පාදනවල නිෂ්පාදන වියදම අඩුයි. ඒ නිසා ඔවුන්ගේ නිෂ්පාදන අපේ මිලට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. එහෙම කියලා ඒවා ගෙන්වලා අඩු මිලට වික්කාම අපේ ගොවියාට මොකද වෙන්නේ කියලා කවුරුවත් කල්පනා කරන්නේ නැහැ. මේක වැරදි ක‍්‍රමයක්" යැයිද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කියල තියෙන්නේ නිල් කොල දෙපිරිසට නෙමෙයි. ඒකාලෙ ඉවරයි දැන්. උන්ට කියල වැඩක් නැති බව දන්නවා.
මේ රටේ දේශපාලුවෝ කරන්නේ අධ්‍යාපනය මොට්ට කරනෙක. එතකොට යම්දෙයක් විශ්ලේෂණය කර තේරුම් ගැනීම අපහසු වෙනවා. ඒ ඔවුනොඋවුන්ගේ පැවැත්මට. කලක් තිස්සේ ඔය විදියට ගිහිල්ලා දැන් ක්‍රමවේදය පිට රටට දිව දික් කර කර අපි අඩු මුදලට භාණ්ඩ දුන්නයි කියලා පුරසාරම් බාන එක. දිගු කාලීනව වෙන්නේ රට අගාදයට ඇද දැමීම.
පළමුව අප ඔබ වැනි ඉතාම නිහතමානි නීතිගරුක අවංක නිලදාරියකුගේ වටිනා අදහස් ඉහලින්ම අප අගය කරන්නෙමු. අපගේ මතකය දිව යනවා පැරණි මිහරකෙක් කිවූ " තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගත යුතුයි " යන කියමන . එබැවින් තම තමන්ගේ ආර්ථික ආරක්ෂාව එලෙසම තමන් විසින්ම බලාකියා ගන්න අවදියක ඔබගේ අදහස් මේ හරකුන් 225 ට අදාළ වේද යන්න සැකයකි.එබැවින් මගේ මධිය තරකර ගැනීමේ න්‍යායෙන් වැඩකරන පාලකයන් ඉන්න රටක ඔබගේ අදහස් අඩුතරමින් තේරුම් ගනීද යන්නවත් විස්වාසයක් නැති බවයි අපගේ මතය.
මම තරයේ විශ්වාස කරනවා මේ මහත්තය තමයි ජනාදිපති කමට ඉල්ලන්න ඕන.. මේ වගේ කළමණාකරන හැකියාවක් තියන පුත්ගලයෙක් පත් උනොත් අපි දැවෙන ප්‍රශ්න ටික විසදගන්න අමාරු නෑ...
රටේ ආරක්ෂාව ගැන කියල තමයි එක්කෙනෙක් රටේ හමුදා මූලස්ථානය චීනෙට වික්කේ ... යුද්දේ පෙන්නලා තමයි මිග් යානාවලින් මිලියන ගණන් දුප්පත් ජනයාගේ සල්ලිවලට ගැහුවේ , රටේ ආරක්ෂාවට සංවර්ධනයට ලැබුණු සුනාමි මුදල් තමයි පිල්ලි ගැහුවේ ... ආරක්ෂාව ගැන කියල තමයි නාවික හමුදාව යටතේ තිබුණු නාවුක කටයුතු අවන්ගාර්ඩ් යටතට දාල මිලියන ගන්න ගැහුවේ .
ඔබතුමා නිවැරදි උනාට ඒ වැරදි පාලකයෝ පත් කරලා අනියම් සතුටක් ලබන්නේත් ඔවුන්මයි...
ඔයාගෙත් ඉතින් කයිවාරු විතරයි..
කරුණාකර ඔබ තුමා ඡන්දයට ඉදිරිපත්වෙන්න . අපේ ඡන්දය ඔබතුමාට පමණි ඉදිරිපත් උනොත්
මා දන්නා තරමෙන් ලංකාවේ නිෂ්පාදනය කල හැකි කෘෂි නිෂ්පාදන කිසිවක් ගෙන්වීමේ ප්‍රතිපත්තියක් කිසිම රජයක තිබුනේ නැහැ. වංචනික ලෙස ගෙනෙන ඒවා හැරුණු විට හා ලකාවේ නැති ඇතැම් වර්ග කීපයක් හෝටල් වලට ගෙන්වනවා. රජය වී සහතික මිලට බාගැනීමට පමණක් බිලියන ගණනක් පාඩු ලබනවා. විශාල මුදල් අර්බුදයක් තිබියදීත් මේවා පවත්වාගෙන් යාම අගය කල යුතුය.
ඔබතුමාගේ අදහස් අපි ඉහලින්ම පිලිගන්නවා. රටේ මුල්‍ය කළමනාකරණය විධිමත්කොට ,අනවශ්‍ය වියදම් කපාහැර , මන්කොල්ලකරයන්ගෙන් රට මුදවාගතහොත් , අවරුදු 5 වැනි කාලයකින් අපිට දකුණු කොරියාවේ තත්වයට පත්වෙන්න පුලුවන්බව වරක් ඔබතුමාකිවා මතකයි. අපි ඔක්කොම ඔබතුමාලාගේ එන් පි එම් සමගයි. සියලුම සමාජ ජාලා වල කැමැත්ත ඔබලාට. සුදුසු අපේක්ෂකයා තෝරාගෙන , ඡන්දයට ඉදිරිපත්වෙන්න. මම ලෝකයේ කොහේ හිටියත් ඡන්දෙට මාසෙකට කලින් ලංකාවට එනවා. ඔබලාගේ සහයට. ඒ මොනවත් වරදාන ගන්න එහෙම නොවෙයි. මම ඉපදුන රටට මගෙන් අවංකවම යම් මෙහෙවරක් කළා කියලා සතුටුවෙන්නයි. සුබ පැතුම්.!
සම්පූර්ණ ඇත්ත. සතුට කියන්නේ භෞතික සම්පත්වල දියුණුව විතරක් නොවේ. එය එක මිනුමක් විතරයි.
මේ තිත්ත ඇත්ත මේ රට කරවන -කරවපු මැටි මොල්ලුන්ට නොතේරෙන එකයි ! ජනතාවගේ අවාසනාව
මෙතුමා නාගනන්ද මහතා සමග එකතුවී මේ කරන සත් ක්‍රියාවට අපි සහයෝගය දැක්විය යුතුයි. මොකකටවත් නෙමෙයි රටේ ඉදිරි පැවැත්මටයි...
ඔබතුමා අවංක නිලධාරියෙක් වෙන්න පුළුවන්... නමුත් රටේ තත්වය ගැන පුළුල් දැනුමක් නොමැති බව මෙම ප්‍රකාශයෙන් පෙනෙනවා. මීට කලකට පෙර මේ රටේ හිටපු ආරක්ෂක ලේකම්වවරයා වරෙක පැවැසුවා ක්‍රියාකාරී කොටි 2000 (මට මතක ආකාරයට) ඉන්න කොට වසරකට යුධ හමුදාවට උණ්ඩ 25000 (මට මතක හැටියට) මොකටද? ඒක මුදල් නාස්තියක් නේද කියලා. ක්‍රියාන්විත රාජකාරියේ සිටින අය මෙම ප්‍රකාශය කොතරම් අමනෝඥද කියලා දන්නවා. ඔබතුමා පරිපාලන සේවය ගැන කථා කරන්න. හැබැයි තමන් ප්‍රවීණයෙක් නොවන දේවල්වලට අත දාන්න ගිහිල්ලා නම කැත කරගන්න එපා. දැන් ආණ්ඩුවේ ඉන්න අයත් සියල්ල සාමකාමී කියලා උඩ බලාගෙන හිටිය නිසා පහුගිය කාලේ හෙන ගෙඩියක් ඔලුව උඩම පිපුරුවේ. දැන් මුළු ලෝකයම පිලිඅරගෙන තිබෙනවා ආරක්ෂාවට මුල් තැන දිය යුතුයි කියලා. ඔබ ඒ සියළුම දෙනාටත් ඉහළින් සිටින කෙනෙක්ද...?