IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආර්ථිකයේ දියුණුවට යහපාලන රජය දැමූ අත්තිවාරමේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා

(නිමල කොඩිතුවක්කු)

රටේ ආර්ථික, සංවර්ධන දියුණුව වෙනුවෙන් යහපාලන රජය දැමූ අත්තිවාරමේ ප්‍රතිඵල මේ වනවිට රටට ලැබෙමින් පවතින බව විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කොළඹදී අද (18) පැවැසීය.

රුපියලේ අගය මේ වනවිට ශක්තිමත් වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි වසර කිහිපය තුළ රටේ ආරථිකයේ සීඝ‍්‍ර දියුණුවක් පෙන්නුම් කරනු ඇති බවද සඳහන් කළේය.

බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ‍්‍රයේ පිහිටි විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ,

     ‘‘ආසියාවේ සෙසු රටවල් හා සැසදීමේදී සංවර්ධනය අතින් අපි අද හොඳ ස්ථානයක පසුවෙනවා. යහපාලන රජය තුළින්  අපි දැම්ම අත්තිවාරම උඩ මේ වනවිට යහපත්  ප‍්‍රතිඵල ලැබෙමින් තියෙනවා.

මේ වනවිට රුපියලේ අගය ඩොලරයට  සාපේක්ෂව රුපියල් තුනකින් හා සියයට හයකින් ශක්තිමත් වෙලා තියෙනවා. රටේ නිෂ්පාදන වැඩිවීම  සහ ආනයන වැඩිවීම මෙයට බලපා තියෙනවා.

ජාතික අපනයන ප‍්‍රතිපත්තිය අපි එළි දැක්වූවා. ඒ තුළින් විශාල වැඩකොටසක් රටතුළ ක‍්‍රියාත්මක වෙමින් තියෙනවා. රජයේ ආයතන වලින් සියයට 80ක්  පමණ ප‍්‍රමාණයක් මේ අවුරුද්ද අවසන් වනවිට පරිඝනක ගත කිරීමට නියමිතයි.

යහපාලන අත්තිවාරම උඩ ඇහැට නොපෙනෙන විශාල වැඩකොටසක් අපේ රජය තුලින්  සිදු කරලා තියෙනවා. අපේ වැඩකෙටස අපි හරියට කරලා තියෙනවා කියන එකේ යමිකිසි සංඥාවක් අපිට මේ මගින් ලැබෙනවා.

ජී.එස්.පි පලස් සහනය, මත්ස්‍ය තහනම ඉවත් කිරීම යන කරුණු මේ තත්වයට හේතුවී තිබෙනවා. දැන් රට සීඝ‍්‍ර දියුණුවක් කරා ගමන් කරමින් තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය  ඉතාම දියුණු තත්වයකට ගේන්න අපිට හැකි වෙලා තියෙනවා. මිලියන 04ක පමණ සංචාරක පිරිසක් අපි මේ වසර වනවිට බලාපොරොත්තු වෙනවා. යටිතල පහසුකම් දියුණුවත් එක්කම  2023 වසර වනවිට අපිට එය මිලියන 10ක පමණ  මට්ටමකට ගේන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය හෝටල් කාමර සංඛ්‍යාවත් ඉදිකිරීමට තියෙනවා.

ලෝන්ලි ප්ලැනට් සඟරාව මගින් සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ප‍්‍රශංසාවත් මේ ආණ්ඩුවට හිමිවෙන්න  ඕන. අපි මේ රටේ ඇතිකරපු සාමය, නීති පද්ධතිය, යහපාලනය, අනිකුත්  දියුණුව කියන මේ කරුණු සියල්ලම එයට  බලපානවා.

විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය විදියට ශිල්ප සේනා වැඩසටහන ක‍්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා පෞද්ගලික අංශයත් අපි සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වගේම  විදේශ රටවලින් ආධාර සහ උපකරණ ලබා ගැනීමත් අපි කරගෙන යනවා.

විද්‍යාව හා තාක්ෂණය සඳහා  පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන වාණිජකරණය කරන්න අපි බලාපොරොත්තුවෙනවා.  බොහෝ පරීක්ෂණ  සිදුවුණේ ආර්ථිකය ඉලක්ක කරගෙන නෙමෙයි ආර්ථිකය ඉලක්ක කරගෙන පරීක්ෂණ සිදුකරන්නත් මේ වනවිට අපි කටයුතු කරමින් යනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

ආර්ථිකයේ දියුණුවට යහපාලන රජය දැමූ අත්තිවාරමේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site