IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


ආරක්ෂාව සම්බන්ධයෙන් ජපානය සමඟ අවබෝධතා ගිවිසුමක්

හර්ෂණ තුෂාර සිල්වා


ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජපානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) ප්‍රකාශ කළේය.

මේ වනවිට රටවල් කිහිපයක් සමඟ ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇතැයි ද රුවන් විජයවර්ධන මහතා කීවේය.

අවසන් වරට රුවන්ඩාව සමඟ ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹි බව ද හෙතෙම පැවැසීය. 

සෝෆා ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති නමුත් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී නැති බවත් අමාත්‍යවරයා කීවේය.

ඇමෙරිකාව සමඟ 2007 වසරේදී ‘ඇක්සා’ ගිවිසුම අත්සන් කළ බවත් 2017 වසරේදී එය අලුත් කළ බවත් රුවන් විජයවර්ධන මහතා කීය.

යම් ගිවිසුමකට අත්සන් කරන්නේ නම් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය යුතු බවත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා හෝ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ ගිවිසුම්වලට අත්සන් තැබිය යුතු බවත් විජයවර්ධන මහතා කීවේය.

ඇතැම් පිරිස් ආරක්ෂාව සහ ගිවිසුම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රතිචාර පතුරවමින් සිටින බව ද ඔහු කීය. කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව අවසානයේ දී මාධ්‍යවේදීන් ඇමතූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එම කරුණු සඳහන් කළේය.

 



අදහස් (1)

ආරක්ෂාව සම්බන්ධයෙන් ජපානය සමඟ අවබෝධතා ගිවිසුමක්

de silva Tuesday, 09 July 2019 01:44 PM

කරුණාකර ඕවා කරන්න ඉස්සරවෙලා ජනාධිපතිතුමාගේ සහ කැබිනට් මණ්ඩලේ අවසර අරන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6087 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 305 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 335 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1265 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site