යුද ගැටුම් හමුවේ අසරණ වූ යුක්රේන වැසියන්ට ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින් අද (8) උදෑසන සිට සටන් විරාමයක් ආරම්භ විය. සටන් විරාමය ආරම්භ කළේ රුසියාව මැදිහත් වෙමිනි.
ඒ අනුව, කීව් අගනුවර, චෙර්නිගෝව්, සුමී සහ මරිපෝල් යන නගරවල වැසියන්ට ආරක්ෂිතව එම නගරවලින් පිවෙමට හැකියාව ලැබුණු බව ද පැවැසෙයි. රුසියන් හමුදා දින කීපයක පටන් කීව් අගනුවර වට කර ඊට පහර දීමට සීරුවෙන් පසුවන බව ද පැවැසෙයි.
යුක්රේන වැසියන්ට ආරක්ෂිතව නගරවලින් පිටවී යෑම සඳහා ‘මානුෂීය කොරිඩෝවක්’ නිර්මාණය කර දීමට රුසියාව එකඟ වූයේ ඊයේ (7) යුක්රේන නියෝජිතයන් සහ රුසියානු නියෝජිතයන් අතරේ පැවැති තෙවැනි වටයේ සාම සාකච්ඡාවලින් අනතුරුවය. සිවුවැනි වටයේ සාම සාකච්ඡා අද (8) පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ, යුක්රේන බෙලරූස් දේශසීමාවේදීය.
යුක්රේන සිවිල් වැසියන්ට ආරක්ෂිව නගරවලින් පිටවීමට ඉඩ දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අවස්ථා ගණනාවකදී රුසියාවෙන් ඉල්ලා තිබුණි. මේ වනවිට යුද ගැටුම් හේතුවෙන් අවතැන් වුණු යුක්රේන වැසියන් මිලියන 1.7 ක් අසල්වැසි රටවලට පලාගොස් ඇතැයි ද පැවැසෙයි. එයින් මිලියනයක පිරිසක් පලා ගොස් ඇත්තේ පෝලන්තවටය.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආරක්ෂිතව නගරවලින් පිටවන්න අවසර
ඇත්ත Tuesday, 08 March 2022 02:21 PM
සිවිල් වැසියන්ට ආරක්ෂිත කොරිඩෝවෙන් යා හැකියි කීවද, එසේ බේරී යනඅයට වෙඩි තබා තිබෙන අතර එහිදී මව, පියා ඇතුළු දරුවන් හට මරණය සිදුකළ අවස්ථාවක්ද, තවත් සිවිල් පුරවැසියන් කොටසකට එළියට යාමට නොදී රුසියන් හමුදාව තබා සිටින බවට වාර්තාවෙනවා.