(අජන්ත කුමාර අගලකඩ)
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (25) සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද බාර දී තිබිණි.
හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේ බඩු බාහිරාදිය ද අද පස්වරුවේ ඉවත් කර ගත් බව වාර්තා වේ.
COMMENTS
අන්තිමේදී හරි රටට සේවයක් කිරීම පිළිබඳව අපි මේ එළු වීරයාට ස්තුති කරන්නෙමු. එතකොට අනිකා මොකද තාම හොරගල් අහුලන්නේ ..? සුත්තර පුන්චාගේ රෙද්දේ එල්ලිලා අඬ අඬ... අනේ මට යන්න බැරියෝ කියනවද?
ගමරාළයි, පොලිස්පතියි, ආරක්ෂක රාජ්‍ය ඇමැතියි ඉල්ලා අස්වෙලා නැද්ද?
බොහෝම ස්තුතියි සර්...!!!
දැන් ගිහින් පළමුව කතාකරන හැටි ඉගෙනගන්න.. මෝඩකම විදහා පාන්නේ නැතිව... ආරක්ෂක ලේකම්ගේ වගකීම වැඩියි ඇමතිට වැඩිය... ඇමති ඉන්නේ නමට. ලේකම් මෙහෙම වෙන්න ඇමැතිගේ හැටි හිතාගන්න පුළුවන් මොවුන්ගේ විශ්ව විද්‍යාල සුදුසුකම් නැති කිසිවකුට රටේ කිසිම අමාත්‍යාංශයක් බාර දෙන්න එපා. සමහරුන්ට කට තිබ්බට වැඩ කරන්න තේරුමක් නැහැ. වැසියෝ සියලුම විලාප දෙනවා මේ... වැඩබැරි... ගොන්රැල සිනා මුසුමුහුණින් කෙරුවාව ගැන කියනවා. හිතන්න එපා කට්ටිය බේරුණා. කියලා...
හිටියත් නෑ වගේනේ ඉතින්.... ගියත් වෙනසක් නැහැ.
ඊයේ තමයි ඉල්ලා අස්වෙන්න කිව්වේ.. අද තමයි අස්වෙනවා කියලා කියන්නේ... පේනවා නේද ගොලුබෙලි ගමන? අස්වෙලා මදි අධිකරණයට යන්නත් ලැහැස්තිවෙන්න වගකීම් මගහැරීම නිසා අහිංසක වැසියන් 300ක් ඝාතනය වීම, රට අපකීර්තියට පත්කිරීමට එරෙහිව එන නඩුවලට...
සිංහ රැළ මෙහෙයවන්න පත්කරලා කොටළුවා ඉවත් වීම ගැන සතුටුයි.
සිරිසේන මොන රටේද තානාපතිකමක් දෙනවා කිව්වේ?
තවත් වැඩ බැරි පූච්චන් ලේකම්ලා ඉන්නවා !!
දිගටම දිගටම ඉල්ලා අස් වේවි..!!! යයිද පෝලිමට?
ඉවත්කර විනය පරික්ෂනයක් පැවැත්වීමයි සිදුකල යුත්තේ, ඔය පරිපාලන සේවයේ ඉන්න 95% ක් නිලධාරීන් ලියුමක් හරියට කියවන්නේ නෑ. කොතරම් වැදගත්, හදිසි, කඩිනම් තීරණ ගතයුතු දෙයක් තිබුනත් "සු.ක.ට.(සුදුසු කටයුතු සඳහා), අ.ක.ස.(අදාල කටයුතු සඳහා), fna ගො.ඉ.ක., ආදිය ලියා පහලට පහලට යවනවා. මේ අය SLIDA එකෙන්, දේශීය විදේශීය පුහුණුවලින් ඉගෙනගන්නේ ඔච්චරද මන්දා? උදේ ඉඳන් රෑවෙනකම් දේශපාලන අධිකාරිය ආරක්ෂා කිරීම හා සතුටු කිරීම, ගෙවල්වල හා පුද්ගලික වැඩ වලට තමයි රජකාරියේ ප්‍රමුකතාව දෙන්නේ.
අස්වෙලා විතරක් මදි මෙයාව අත්අඩංගුවට ගන්න ඕනේ
මේ ආණ්ඩුවේ ඔය ඉල්ලා අස්වීම්වලින් නම් වැඩක් නැහැ.. මට මතකයි.. රවී කරුණානායක ඉල්ලා අස් වුණා, එතකොට තිලක් මාරපන ඉල්ලලා අස් වුණා, විජේ කලා ඉල්ලා අස් වුණා.. මොකද වුනේ.. පොඩි කාලෙකට පොඩ්ඩක් අමතක වෙන්න දීලා අයෙත් ඇමතිකම් දුන්නා.. මෙතන වෙන්න ඕනේ.. මොහුට විරුද්දව නඩු දාලා මොහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න ඕනේ.. ලංකාවේ පොලිස් නීතිය අනුව අනතුරක් වලක්වා නොගැනීමත් දඩුවම් ලැබෙන වරදක්..
මොහු පරිපාලන හෝ හමුදා, පොලිස් නිලධාරියෙක් නොවෙ. එසේ නම් කවුද ඔහුව පත් කලේ. වෙන කවුරුවත් නොවේ ජනාධිපතිවරයායි.
මුන් ඔක්කොම ඉවත් කරන්න ඊළඟ මැතිවරණයෙන් මුන් ගෙදය යවමු...... රට විනාස කරනවා නැත්නම්
එතකොට කෝ කුජිත ජයගින්දර? දාලා යන්නෙම නැහැ වගේ?
එතකොට අර පුජිත මහත්තයට සිංහල තේරෙන්නේ නැද්ද? එයාට බුලත් දීලා කියන්න ඕනද යන්න කියලා.
මේ අයව ඉවත් කරලා නෑ. ඉල්ලා අස්වෙන්න කියලා තියන්නෙ. මේ වගෙ දරුණු ව්‍යාසකාරී වෙලාවකවත් ඍජු තීන්දු ගන්න බැරිනම් ඇති පලේ කිම? පොලිස්පතිවරයා තවම ඉල්ලා අස්වෙලා නෑනෙ. ඉසුරුමත් වූ සුන්දර දිවයිනකට අත්වු ඉරණම!!!!!