(ඉන්දිකා රාමනායක)
නව ආරක්ෂක ලේකම් වශයෙන් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (20) ආරක්ෂක අමාත්‍යාංශයේ දී වැඩ බාරගත්තේය.
ආරක්ෂඅක අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණි නව ආරක්ෂක ලේකම් වෙත හමුදා සම්ප්‍රදායානූකූලව කඳවුරු සම්මාන මුරය පිරිනමනු ලැබීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් 48 දෙනෙකුගෙන් සමන්විත වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් පවත්වමින් ගෞරවාචාරය පිරිනමනු ලැබීය.
නව ආරක්ෂලක ලේකම්වරයා සම්මාන ආචාර පෙළපාලිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් මැද ධූරයේ වැඩ කටයුතු ආරම්භ කළේය.
(ඡායාරූප - ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයෙන් )






COMMENTS
පොතක් ලිව්වොත් නම් දැන් හොඳහැටි අලෙවි වෙයි.
මෙවැනි දෑ දකින්න අපි පින් කරලා තියෙනව එහෙනම්.
මැතිදුනි ඔබට සුබ ගමන් ... ඔබට ලැබුනේ මුළු රටේම වගකීමයි එය නිසිලෙස ඉටුකරන බවට විස්වාසයක් අපට ඇත.
කාලෝචිතව ඉතාම සුදුසු පත්කිරීමක්.
චිරං ජයතු කමල් ගුණරත්න මැතිතුමනි!!!
පළමුව අපගේ මාතෘභූමිය බේරාගැනීමේ සටනේදී අභීතව තම යුතුකම් ඉටුකළ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්! අප විස්වාස කරනවා ඔබත් අහිංසක මහජනතාවගේ බදුමුදල් වලින් වැටුප් ලබන රජයේ සේවකයෙක් ලෙස ඔබගේ යුතුකම් වගකීම් නිසිලෙස නොබියව ඉටුකර තමන්ගේ මාතෘභූමිය වැටී තිබෙන අගාදයෙන් ගොඩගැනීමට තම උපරිම දායකත්වය ලබාදෙයි යන්න. සියලුම පුරවැසියන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ රට ආරක්ෂාවත් සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාවත් රටේ දියුණුවත්ය.
සුපිරි සේනාධිපතිවරුන් එකට එකතු කරලා තියෙනවා දකිනකොට අමුතුම ගැම්මක් එනවා. මොවුන් තමයි අපේ රටේ නූතන වීරයින් අපේ දරුවෙක්ට වුනත් හිරිකිතයකින් තොරව පෙන්නන්න පුළුවන් චරිත.
කමල් ගුණරත්න මැතිතුමනි, ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් ! 2008 වර්ෂයේ ඔබ ලබා දුන් විශිෂ්ට සේවාව නැවත සකල ශ්‍රී ලංකා ජනතාවට ලැබෙනු ඇති බව අපගේ විශ්වාසයයි. කමල් - ශවේන්ද්‍ර ,ගෝඨා- මහින්ද සංයෝජනයෙන් අපේ රටටට වාසනාව උදාවේවා !