IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ආයුර්වේද ඩිප්ලෝමාධාරීන්ගේ විභාගය සිව්වැනි වරටත් අත්හිටුවයි

(ගම්පහ තිලකරත්න දිසානායක)
 ආයුර්වේද වෛද්‍ය ආයතනයන්හි ඩිප්ලෝමාධාරීන් වෙනුවෙන් අද (13) සහ හෙට යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට තිබු ආයුර්වේද ශාස්ත්‍රී වාර්ෂික පරීක්ෂණයට පෙනී සිටීමට යක්කල ආයුර්වේද සිසු සිසුවියන් ඉඩ නොදීම මත එය  හතරවන වරටත්
අත්හිටුවීමට සිදු විය.


ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් මෙම ඩිප්ලෝමාධාරීන් බදවා ගෙන ඇති අතර ඔවුන්ට සායනික පුහුණුවක් නොමැතිව තිබියදී මෙලෙස අවසන් පරීක්ෂණය සඳහා ඉඩදිය නොහැකි බව පවසමින් යක්කල ආයුර්වේද රෝහලෙහි සිසුන් විරෝධය පළ කර සිටියහ.


අවසන් පරීක්ෂණය පැවැත්වීම පිණිස ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් කථිකාචාර්යවරුන් පිරිසක් යක්කල ආයුර්වේද රෝහල වෙත පැමිණ සිටි අතර අද පරීක්ෂණයට පෙනී සිටීම පිනිස විවිධ ප්‍රදේශයන්ගෙන් සිසු සිසුවියන් පැමිණ සිටි අතර අද පරීක්ෂණය නොපැවැත්වෙන බව දැනුම්දීම මත ඔවුන්ට ආපසු යාමට සිදුවිය.



අදහස් (4)

ආයුර්වේද ඩිප්ලෝමාධාරීන්ගේ විභාගය සිව්වැනි වරටත් අත්හිටුවයි

kalpa Saturday, 13 October 2018 02:09 PM

මේ අයත් හරියට බටහිර කල්ලිය වගේ වෙලාද? සිංහල වෙදකමට ඉතාම දක්ෂ වෙදදුරුතුමන්ලා බොහොමයක් අපේ රටේ ඉන්නවා. ඒ අයගෙන් සමහර අය පරම්පරාවෙන් වෙදකම උගත් අය. නමුත් ඔවුන්ට උපාධි නැහැ. මේ ඩිප්ලෝමාධාරීන් අතරත් එවැනි අය ඇති. ඔය විරෝධතා හරි කැතයි.

:       48       18

TharinduMonday, 15 October 2018 03:21 AM

ඇත්ත ලංකාවේ උපාධි නොලබපු උතුම් වෛද්‍යවරැ ඉන්නවා.. ඒත් ගැටලුව තියෙන්නේ කිසිදු අධ්‍යාපනික සුදුසුකමක් නොලබපු ඒ වගේම පාරම්පරික දැනුමක් හෝ පාරම්පරික සම්බන්ධයක් නැති පිරිසක් මුදල් හා සමාජ පිලිගැනිම බලාගෙන මුදලට මේවා මිලදි ගන්නවා.. ඒකයි ඇත්ත. ඒ ආයුර්වේද පනත් වල අඩුපාඩු තුළින් රිංගලා... බොහොම පහසුයි ඩිප්ලෝමාව ගත්තා සායනික පුහුණුවක් හෝ ලෙඩෙක් දැකලා වත් නැතිවම වැඩේ කෙරෙනවා.. මේවගේ ප්‍රතිඵල වෙන්නේ රෝගින් රවටන පිරිසක් නිසා දේශිය වෛද්‍ය ක්‍රමය පිරිහිම.

:       0       0

vidya Sunday, 14 October 2018 01:20 AM

මේ වගේ ක්‍රමානුකූලව ඉගෙන ගත අය පහත හෙළා කතා කිරීම හොඳ නැහැ නේ . මේ අපේ ලංකාවේ දරුවෝ මහන්සිවෙලා අධ්‍යාපනයක් ලබන්න කොතරම් කැප කිරීමක් කරන්න ඕනෙද? මේ ළමයි පාරවල් බ්ලොක් කරන්නේ නැතිව විනීතව හැසිරිලා ඉල්ලනේ විභාගය තියන්න කියල. ඒක සාධාරණ ඉල්ලීමක් නේද? දරුවනි ඔයාලගේ ඉල්ලීම සාර්ථක වේවා.

:       2       1

Buddika Monday, 15 October 2018 03:34 AM

පාරම්පරික වෛද්‍යවරු ලියාපදිංචි කරන්නේ ඔවුන්ටම විශේෂ වූ වෙනත් විභාගයකිනි. DA යනු එය නොවේ. මේ ආයුර්වේද උගන්වන පුද්ගලික පංති වලින් ඉතා කෙටි කාලයක් ආයුර්වේදය හදාරා , ඔවුන්ව ආයුර්වේද වෛද්‍යවරු ලෙස ලියාපදිංචි කිරීමට කරනු ලබන විභාගයක්. සරලවම මේ ආයුර්වේද සයිටම්! ඒකයි රජයේ විශ්ව විද්‍යාල වලින් ආයුර්වේද උපාධිය හදාරන සිසුන් මෙයට විරෝධතාව දක්වන්නේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21187 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18099 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10835 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 527 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 160 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 823 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site