(නිමල කොඩිතුවක්කු)
රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා ආයතන මට්ටමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.
ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලට තම සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බස්රථ ලගම පිහිටි ලංගම ඩිපෝ මගින් ලබා ගැනීමේ හැකියාව ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පොදු ප්‍රවාහනය දී අය කරන සාමාන්‍ය ගාස්තු යටතේ මෙම සේවාව ලබා දීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
රෝහල් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලය, වරාය රේගුව ආදී ආයතන සඳහා දැනටමත් මෙම සේවාව ලබා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආයතන මට්ටමින් සේවකයන් ප්‍රවාහනයට ලංගමයෙන් බස්රථ