(ඉන්දිකා රාමනායක)
දූනගහ, දිවුලපිටිය ප‍්‍රදේශයේ මත්කුඩු ජාවාරම් හා අපරාධවල නිරත සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ ‘ආමි සමන්ත’ නැමැත්තා දිවුලපිටියේ, බඩල්ගම ප‍්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා විශේෂ කණ්ඩායමක් අද (19) අත්අඩංගුවට ගත් බව එම බලකාය පවසයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 200 ක් යුද හමුදා නිල ඇඳුමක බඳපටියක්, තොප්පියක්, හමුදා නිල ඇඳුම සමඟ භාවිත කරන බෑගයක් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබිණි.
‘ආමි සමන්ත’ නැමැත්තා ‘මාකඳුරේ මධුෂ්’ හා ‘දූනගහ සුජී’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගෙන් සමීපතමයෙකු බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු ඔවුන් සමග එක්ව මිනීමරුම්, කොල්ලකෑම්, මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසක් කර ඇති බවත් එම අපරාධ සම්බන්ධයෙන් නඩු පවතින බවත් පැවසේ.
සැකකරු අපරාධ සම්බන්ධයෙන් වසර 14 ක් බන්ධනාගාර ගතව සිටි පැමිණි පුද්ගලයකු බවත් විශේෂ කාර්ය බලකාය පවසයි.
2025 දෙසැම්බර් මස 18
479
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ආමි සමන්ත’ එස්ටීඑෆ් දැලේ