IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


“ආබාධිත අයට ගෙයින්ගෙට ගොස් කොරෝනා එන්නත දෙන්න’’

(සුජිත් හේවාජුලිගේ)

රෝගාබාධවලට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි අයට නිවෙස්වලටම ගොස් කොරෝනා එන්නත වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (16) උපදෙස් දුන්නේය.

මේ සඳහා ජංගම සේවාවක් කඩිනමින් අරඹන්නයිද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ එන්නත්කරණය සහ ඊට අදාළ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් කොවිඩ් මර්දන කමිටුවේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේදී අද (16) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද සහාය ඇතිව විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගෙන ජංගම එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ඇරඹීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර ඇතත් රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම තවමත් ගැටලුවක්ව පවතින බව මෙහිදී සඳහන් විය.

පසුගිය දින කිහිපයේදී හඳුනාගත් කොවිඩ් රොගීන්ගෙන් හා කොවිඩ් වැළඳී මිය ගිය අයගෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබා නොගත් අය බව කොවිඩ් කමිටුවේ සාමාජිකයෝ මෙහිදී අනාවරණය කළහ.

මේ නිසා එන්නත්කරණයේ වැදගත්කම ගැන දැනුවත් කිරීම හා එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කරවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබා දිය හැකි බව ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන මහත්වරු මෙහිදී පැවසූහ .

ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක ක්ෂේත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය සියයට 90කින් අවසන් වී තිබෙන හෙයින් අදාළ ක්ෂේත්‍රවල විශේෂ පිබිදීමක් දක්නට ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නියුතු අයට ඕනෑම ස්ථානයකින්, පහසුවෙන් එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය.

එම මධ්‍යස්ථානවලදී ප්‍රතිකාර ගත් කිසිවෙකු මරණයට පත් වී නැති බවත් එලෙස ඉක්මනින් සුවය ලැබීම සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණයකට යොමුවීමේ අවශ්‍යතාව පෙන්වා දෙන බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

පාසල් ඇරඹීමෙන් පසු ප්‍රතිශක්තීකරණ වර්ධනයට සිසුන් ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට අමාත්‍යවරුන්වන පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන්වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, දිලුම් අමුණුගම, සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීන් , ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 



අදහස් (1)

“ආබාධිත අයට ගෙයින්ගෙට ගොස් කොරෝනා එන්නත දෙන්න’’

chandima Friday, 16 July 2021 10:19 PM

ආබාධිතයින්ට පමණක් නෙවෙයි... වයස 80, 90 උදවියත් යන්න එන්න විදිහක් නැතිව ගෙවල්වල ඉන්නවා. ඒ උදවියට මොඩර්න් හරි, ෆයිසර් හරි ගෙවල්වලට හරි ගිහින් ලබාදෙනවා නම් ලොකු දෙයක්. ඔබතුමාට බොහෝ පින්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site