IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ආනවිළුන්දාව ඩෝසර් කළැයි ජගත් සමන්ත පෙරේරා රිමාන්ඩ්

(ලලිත් නවරත්න සහ ඔගස්ටීන් ප්‍රනාන්දු)
 
ආරච්චිකට්ටුව ආනවිලුන්දාව රැම්සා තෙත් භූමියේ කොටසක් නීතිවිරෝධී ලෙස අනවසරයෙන් ඩෝසර් කර එහි ඉස්සන් ටැංකි සෑදීමට අනුබල දුන්බවට සැකකරන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා අද(22) අධිකරණයට ඉදිරිපත් වීමෙන් 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට  හලාවත මහේස්ත්‍රාත්  අනුර බුද්ධදාස මහතා නියෝග කළේය.
 
ඉකුත් 25දින ආනවිලුන්දාව රැම්සා තෙත් බිමට නීතිවිරෝධීව ඇතුලුවී අනවසරයෙන් එහි බිමි කොටසක් ඩෝසර් කර ඉස්සන් පොකුණු සෑදූ ව්‍යාපාරිකයෙකු සහ ඩෝසර් ක්‍රියාකර වන්නෙකුට මෙම නීතිවිරෝධි ක්‍රියාව සිදුකිරීමට අනුබලදුන් බවට සහාපතිවරයාට පවරා ඇති චෝදනාව වේ.
 
ව්‍යාපාරිකයා සහ  ඩෝසර් ක්‍රියාකරු ඩෝසරය සමඟ  ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඉකුත් 2020. 08. 28දා අත්අඩංගුවට ගනුලැබූ අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිට ඉකුත් 2020. 09. 18 දින රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇපසහ තවත් ඇප කොන්දේසි 3ක් මත අධිකරණය විසින් ඇප ලබාදෙන ලදි.
 
විත්ති පක්ෂය වෙනුවෙන්  තරංග දිසානායක,  චින්තක කරණාරත්න ප්‍රසන්න හිලරි සහ රුවන් ප්‍රනාන්දු යන නීතිඥවරුන් පෙනීසිටි අතර පැමිණිලි පක්ෂය වෙනුවෙන් ආච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපතිවරයා පෙනී සිටියේය.



අදහස් (4)

ආනවිළුන්දාව ඩෝසර් කළැයි ජගත් සමන්ත පෙරේරා රිමාන්ඩ්

beau Tuesday, 22 September 2020 10:28 AM

හොඳ වැඩේ...

:       0       18

පොලිටික්කා Tuesday, 22 September 2020 10:58 AM

පොඩ්ඩක් ඇතුළට වෙලා ඉන්න. 20 සම්මත වූ ගමන් එළියට දානවා. මේ මෝඩ ජනතාව ටික දවසකට අන්දන්න විතරයි අපිට ඕනේ...

:       4       28

තුසිත Tuesday, 22 September 2020 02:02 PM

අම්මෝ..අපි රැවටෙන්නම් ඩෝසර්.. ඔයා නම් මාරයි. දැන් කලින් කිව්වා නේද ඔය හාදයා ඕවාට සම්බන්ධයක් නෑ කියලා..

:       0       12

pradeepa Tuesday, 22 September 2020 04:34 PM

අපි රැවටුණා.. අපරාදෙ අපි මේ අයට ඡන්දෙ දුන්නේ.. සමාවෙන්න අපි කරපු වරදට... අපි නිසා මේ රටේ සියලු ජනතාව දුක් විඳින්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 75 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 906 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2530 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site