
(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (13) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
එසේ වුවද, ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සදහා වන යෙදවුම් ආනයනයට ප්‍රමුඛතාව ලබා දෙන බවද මුදල් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .
ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව, ජපානය, චීනය ඇතුළු මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ප්‍රකාශ කර ඇති මුදල් ඇමතිවරයා එම රටවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත .
තමා ඉන්දියාවට ගොස් එරට රජය සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත
මේ අතර ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කරමින් සිටින බව ඔහු පවසා ඇත .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, කැබිනට් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අතර ,රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ .
ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නැයි ඇමැතිවරුන් කිහිප දෙනකුම ප්‍රකාශ කර ඇති අතර, තවත් ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් කොන්දේසි වලට එකඟ වීමට සිදුවනු ඇති බවය.
එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගැනීම වඩාත් වැදගත් තවද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත .
කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී අවසන් තීන්දුවක් ගෙන නැති බව ද දැනගන්නට ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රශ්න ඔලුවට ගන්න එපා මහත්තයෝ. අර කවුදෝ එක්කෙනෙක් ලොකු ලොකු කතා කියල නැති වීරත්වයක් මවා පාල කරන්නට බැරි රස්සාවක් බාර අරගෙන අන්තිමේට ප්‍රශ්න වලට පිළිතුරු දන්නේ නැතුව අසාමාන්‍ය පීඩාවට පත්වෙලා ආතතිය හදාගෙන සිංගප්පුරු දිව්වා වගේ විපත්තියක් තමුන්නැහෙටත් වෙයි ඔන්න.
හොඳ තීරණ ගන්න දක්ෂ ඇමති කෙනෙක්
රටතුළ නිසි ප්‍රමිතිකරණයක් ඇති කරන තුරු ආනයනය තවදුරටත් සීමාකළ යුතුවේ.. ඒ සඳහා සුදුසුම අවස්ථාව පැමිණ තිබේ...
ලංකාවේ නරක මූල්‍ය කලමනාකරණය මීට හේතුවයි.
මෙයත් අයියා වගේ අහල පහළින් ණය ගන්න යන්නේ බැංකුවෙන් නොගෙන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණයට ගන්නවා වගේ කියලා හිතෙනවා...
ආහාර නය ගැන සාකච්ඡා කරනකොට 10% ගැනත් කිව්වද?
මොළ හතක් තියෙනවා කියන්නේ නිකම්ද...?
ලොක්කා රට ගිහිල්ලා තියෙන්නේ පිස්සු ඩබල් වෙලා ඇති, පව්.., බැරි වැඩ බාර අරගෙන...
IMF එකෙන් ඔයකියන කොන්දේසි මොනවද දන්නේ නැහැ නේද?
IMF එකෙන් ණය මුදලක් ගත්තොත් අපේ රටේ මිනිස්සුන්ට විඳින්න වෙන දුක් අපහසුතා ටිකක් අඩුයි. හැබැයි ආණ්ඩුවත් සාටක පවුලේ දේශපාලන ජීවිතයත් එතැනින් ඉවරයි. එහෙම නැතිව චීනෙන් හරි, වෙනත් රටකින් හරි අධික පොළියට ලොකු ණයක් අර ගත්තොත් අපේ රටේ මිනිස්සුන්ට විතරක් දරාගන්න බැරි ලොකු බරක් දීලා මේ ගොල්ලන්ට එ්කෙන් කොටසකුත් සාක්කුවල දාගෙන සැපසේ පැත්තකට වෙලා ඉන්න පුළුවන්..., ඒ දෙවෙනි එක කරන්න තමයි මේ දඟලන්නේ..
පණ්ඩිත කතා කියමින් රටේ ජනතාව අමාරුවේ දාලා කළු කඩකාරයින් පොහොසත් කරන්න එපා. අද වෙලා තියෙන්නේ ඒක. මුදලාලිලා අසාමාන්‍ය ලෙස බඩුමිල වැඩි කරනවා කිසිදු සාධාරණ හේතුවක් නැතිව... අයි.එම්.එෆ් ගිහිල්ලා හරි ප්‍රශ්නය විසඳන්න...
අපිට දෙන්න අපි කරලා පෙන්නන්න කියලා කිව්වාම, කරන වැඩපිළිවෙල මොකක්ද කියලා ඇහුවාම හේ ගාලා ලිස්සලා ගිය උදවියනේ දැන් මහ පුටුවල ඉන්නේ. ඔය තියෙන්නේ කරන අපූරුව. දැන් ලංකාව ඇවිල්ලා ගෝලීය හිඟන්නා. රටරටවල් ගානෙ යනවා හිඟා කකා, රටේ කෑලි කෑලි සේල් දදා.
අයවැය වාර්තාව කියවනු දැකීමෙන් ඔබතුමාගේ දක්ෂකම් ගැන හොඳහැටි ප්‍රදර්ශනය වෙනවා කියලා හිතෙනවා. එවැනි අයෙකුගේ කෙරුවාව ගැන කවර කතාද?
I.m.f. එකට ගියොත් අපිට හිතාගන්න පුළුවන් ඒකෙ කපුකම කවුද කළේ කියලා...
අර ඩේසි ආච්චිට කව්දෝ මැණික් මල්ලක් දීලා ගියා වගේ, මෙයාටත් කව්රු හරි ඩොලර් මල්ලක් දීලා ගියානම්, මේ අර්බුදයෙන් අපි ගොඩ....
ඇමතිලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න අකමැති කොමිස් ගහන්න බැරි වෙන හින්දා .
තමුන්ලා අපේ රටට විතරක් නොවේ අසල්වාසී රටවලටත් කරදරයක්.තමුන්ගේ තාත්තත් ණය වෙලා කන්න දීලා උගන්වලා පස්සේ ණය ගෙවපන් පුතේ කියලා කිව්වද
මේ උත්තමයා ගත්තොත් හරිම තීරණ තමා ඉතින්. කියලා වැඩක් නෑ. රටට කෙසේ වෙතත් තමන්ට සහ පවුලේ අයට සෞභාග්‍ය උදා වෙනවාමයි.
රට කාපල්ලා...
ලොක්කා සීනි යාලුවත් එක්ක සින්ගප්පූරුලු නේද? අන්දරේ සීනී කෑවා වගේ තමයි.... උබේ කටෙත් පස්....මගේ කටෙත් පස් කිව්වලු.
ඉතාම හොද තීරණයක්. අපේ රටේ තෙල්,ගෑස් අවශ්‍ය සියළුම සම්පත් තියනවා. කිසිම දෙයක් පිට රටින් ගෙන්වන්න අවශ්‍ය නෑ.
දැනට අත්‍යාවශ්‍ය වී ඇත්තේ දේශපාලන වාසි තීරණය නොව රට වැටී ඇති අගාධයෙන් ගොඩ ආ හැකි කඩිනම් තීරණය කි. ඵය දේශපාලන වාසි පැත්තකට දමා ගතයුතුය.
ළඟදීම මෙය අපනයනය වෙයි වගේ ඇමරිකාවට
බයියෝනම් කියයි මොළ නැවක් කියලා.අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න ඩොලර් නැහැ. ඒ උනාට ජනාධිපති පිට රට සවාරි. හිඟා කන්න ද ගිහිල්ලා ඉන්නේ ,එහෙනම් කමක් නැහැ නේද ?
ඕක කියන්න මොල හතක් මොකටද? පහුගිය අවුරුද්දෙම වගේ එක මොලයක් ඇති.අර රොහාන් කිව්වා වගේ මෙයා ලගදිම මෙයාගෙ මවු රටට අපනයනය වෙයි.
කොන්දේසි වලට ගියාම මෙයාලට හොර කරන්න බැහැ.
හොර පාරෙන් චීන ණයක් ගතහොත් රාජපක්ෂලාට හොඳයි
ඩොලර් හිඟය මඟහරව ගන්න ආනයනය සීමා කරලා කරන්න පුළුවන්ද? වාහන ගෙන්නන එක නතර කරලා එක පැත්තකින්. ඉතින් විදේශ ආයෝජකයෝ එයිද රටකට? ඒ මිනිස්සු ඇවිල්ලා වෙන රටවල්වල ගන්න පුළුවන් වාහනේ මේ රටේ දෙගුණයක් ගෙවලා ගනීද? ආනයනය සීමා කර කර ඉන්නේ නැතුව මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයන්නේ නෑ. ඉතින් තව දුරටත් රට ප්‍රපාතෙට යන එක තමයි වෙන්නේ
ඊලග පාරත් මේ පොහොට්ටු ආණ්ඩුවම පත් කර ගමුනේ. කන්න නැති වුනත් හිඟාකන්න රටක් ඉතුරු කරානේ.
මොළ හත තියෙන්නේ කොහෙද කියලා දැන් පේනවා නේද?
චීන අසූචි ගැන කුමක් කිව හැකිද?
පිස්සු කෙලින්න එපා හලෝ මොකක්ද ගැරන්ටිය ඊළඟට එන එකා හරියට කරයි කියලා? ඒක කවුද සහතික කරන්නේ ? එන්න දඟලන අයද? බිෂන්
ආයෝජකයින් හොයාගන්න ලෝකෙ වටේ යන්නෙ නැතිව පැන්ඩෝරා කට්ටියට කිව්වානම් සල්ලි ටික මෙහෙට ගේන්න කියල හරිනෙ.
ආනයන සිමා කිරීමෙන් රට කබලෙන් ලිපට වැටෙනවා.