(එෆ්.අස්ලම්)
පක්ෂ විරෝධී ක්‍රියාවන් සහ දූෂණ වංචා චෝදනා මත ද්‍රවිඩ එක්සත් පෙරමුණ නියෝජනය කරන කල්මුණේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.
ද්‍රවිඩ එක්සත් පෙරමුණ නියෝජනය කරන කල්මුණේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කාත්තමුත්තු ගනේෂන් සහ සුමිත්‍රා ජෙගදීෂ්වරන් යන අයගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කළ බව ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.ආනන්ද සංගරි මහතා පැවසීය.
මොවුන් දෙදෙනා කලක සිට පක්ෂයේ ප්‍රතිපත්තිවලට කොන්දේසිවලට පටහැනිව කටයුතු කරමින් සිට ඇති බවත් කල්මුණේ නියෝජ්‍ය නගරාධිපතිවරයා සිය බලතල අනිසි ලෙස හසුරුවමින් වංචා දූෂණ පවා සිදුකර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් මේ හේතුව මත මොවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බවත් හෙතෙම කීය.
කල්මුණේ නගර සභාව නියෝජනය කරන මෙම දෙපළගේ මහ නගර සභා මන්ත්‍රීධූරය ඉවත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ද ඉදිරි දින කිහිපය තුළ ගන්නා බවද කී සංගරි මහතා පාක්ෂිකයින්ට හෝ පක්ෂයට මොවුන් දෙදෙනා සමගින් මින් ඉදිරියට කිසිදු සම්බන්ධයක් නැති බවද කියා සිටියේය.
COMMENTS
අගය කල යුතු තීරණයක්. අනෙකුත් පක්ෂ වලිනුත් මෙවැනි තීරණ ගතහැකිනම් රටට වැඩදායක දේශපාලකයන් බිහි කල හැකිය.
එ්ක තමයි විය යුත්තේ... සෑම පක්ෂයකම සාමාජිකත්වය සමග මන්ත්‍රී ධුරයද අහිමි කරනතුරු ලංකාව හදන්න බැහැ.
ඔන්න පෙහොට්ටුවට ගැලපෙන දෙන්නෙක්
පොහොට්ටුවේ සාමාජිකයෙක් වෙන්න සුදුසුකම් ලබලා තියනවා.
උගත්, නිහඬ නායකයෙක් තනතුරු දිය යුත්තේ මේ වගේ උගතුන්ට... අද අග්‍රාණ්ඩුකාරකම වගේ උසස් තනතුරු නුසුදුසු පුද්ගලයන්ට දීලා රට විනාශ කරගෙන තියෙන හැටි කාටත් පේනවා...
මහින්ද මහත්තයත් ඔහොම්මයි. වැරැද්දක් දුටුතැන අස්කරල දානවා අපේ මිනිහෙක් කියලා කියන්නේ නැතිව...