IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ආදිවාසී කුලදරුවෝ 8 ක් පැවිදි දිවියට

 (නිමල් ජයරත්න)

මඩකලපුව, කල්කුඩා,  සිරි විවේකාරාම විහාරස්ථානයේ අද (28) පැවති කඨින මහා පුජෝත්සවය හා සමගාමීව  ආදිවාසී  කුල දරුවන් අටදෙනෙකු පැවිදි කරවීම මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කළහ.

මඩකලපුව, සිත්තන්ඩි, දිඹුලාගල, මලියදේවපුර, කුඩාවැව, රුහුණුකෙත, පියසේනපුර, මැණික්දෙණිය, කහතුඩුව යන ප‍්‍රදේශවල කුලදරුවෝ  පිරිස මෙලෙස සසුන්ගතවූහ.

දිඹුලාගල බුද්ධ ශ‍්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකරි, කල්කුඩා සිරි විවේකාරාමාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ අනුශාසනාවක් කරමින් පැවසුවේ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ වැඩිම කුලදරුවන් පිරිසක් එකවර සසුනට ඇතුළු වු ප‍්‍රථම අවස්ථාව මෙය බවයි.

මෙම  පිරිසට පිරිවෙන් අධ්‍යාපනය ලබා දී, දමිළ භාෂාව උගන්වා නැගෙනහිර පළාතේ ජනතාවට දමිළ භාෂාවෙන් ධර්මය පහදා දීම සඳහා යොමුකරන බවද දේවාලංකාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.



අදහස් (14)

ආදිවාසී කුලදරුවෝ 8 ක් පැවිදි දිවියට

ඇබිත්තයා Monday, 28 October 2019 07:18 AM

සාදු සාදු සාදූ...! මෙවැනි දෙයක් අහන්න ලැබීමත් සතුටට කරුණක්. වර්තමානයේ රටේ සැමවිටම පිංකම් පැවැත්වෙනවා අහන්න දකින්න ලැබෙනවා. ඒවායේදී බොහෝවිට උපාසක අම්මලා දැඩි කැමැත්තක් දක්වන්නේ අටපිරිකර පූජාවට පමණයි. මෙලෙස අධික ශ්‍රද්ධාවෙන් යුතු උපාසක අම්මලා කිසිවිටකත් හිතන්නේ නැහැ දරුවෙකු සසුනට පූජාකරන්න. එය සතරවරිගයම නිවන් දක්නා පිනක් කියා දන්නේත් නැහැ දැන් පන්සල්වල හාමදුරුවරුන් නැති තරම්වෙලා.

:       304       732

lalithm Monday, 28 October 2019 08:07 AM

දරුවන් සසුනට පුජා කරන්න අම්මලට වුනත් බැහැ දරුවන්ගේ කැමැත්ත නැතිනම්. මේ සමහර සාමනේරවරු යන්තම් පය ගහල ඇවිදින වයසේ. දැනුම් තේරුම් නැති අයවලුන් මහන කිරීම කොතරම් ප්‍රායෝගිකද? මට බැනල කමෙන්ට් දමයි. ඒත් හිතල බලන්න.

:       1461       1508

makola mangala himiMonday, 28 October 2019 09:56 PM

අවශ්‍ය මුලික දැනුම හා පුහුණුවක් පැවිදි කිරීමට පෙර ලබාදීම කෙරෙනවා. තමන් පැවිදි ජීවිතයේ දිගටම ඉන්න අකමැතිනම් අපහසු නම් උපැවිදි වෙන්න තහනමක් නැහැනේ. තායිලන්තේ හැම කෙනෙක්ම පැවිදි වෙන්න ඕනෙනේ. මේ වැදි පරපුරේ දරුවන් පැවිදි කිරීමම කෙතරම් වටිනවද. එයාලව දායකයෝ ආදරෙන් බලාගනීවි. එයාලට යහපත් හෙටක් පතමු. ළමා නිවාසවල දෙමාපිය සෙනෙහසක් හෝ නැතිව කෙතරම් දරුවෝ ඉන්නවද? කෝ ඒ අය ගැන කව්රුත් කතා කරන්නේ නැහැනේ.

:       9       391

kapTuesday, 29 October 2019 05:32 AM

තායිලන්තේ මහන වෙන්න ඕනේ 18ට ඉස්සර.... මහණ වෙන්න අකමැති නම් යුද හමුදාවට බැඳෙන්න ඕනේ... එ්කයි නීතිය...

:       0       0

lalithmWednesday, 30 October 2019 04:37 AM

උපවැදි වුන කෙනෙකුට ලාංකික සමාජයේ ජීවිතය මොනවගේ එකක්ද කියලා. ඔබ වහන්සේ දන්නවා නේද? සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන්න ඕනේ දැනුම පන්සලේදී ගන්න බැහැ.

:       14       0

upaliTuesday, 29 October 2019 04:36 AM

හොද ගසක් ලබාගත හැක්කේ පැළයක් රෝපණයෙන් මිස වැඩුණු ගසක් සිටුවීමෙන් නොවේ. හැකිනම් ඔබත් සසුනට දරුවෙක් පූජා කරන්න. තෙරුවන් සරණයි.

:       0       10

දිමුත්Tuesday, 29 October 2019 09:37 AM

ඒ වගේමයි මේ ළමයින්ගෙ ආරක්ෂාව.

:       0       1

ලුම්බිණි Monday, 28 October 2019 09:05 AM

මෙම දරුවන් මහන කිරීමට පෙර පැවිදි ජීවිතයට පුහුණුවක් අවශ්‍ය නැද්ද?

:       34       41

Bhathiya Monday, 28 October 2019 09:54 AM

lalithm මම ඔබ සමග සිට ගමි. අන්ධ භක්තියෙන් ආගම අදහන අය බැනලා අදහස් දාවි. බලමු ඇස් පෙනෙන අන්ධයෝ කොපමණ ඉන්නවද කියල.

:       527       366

binkunnda Monday, 28 October 2019 03:03 PM

අර උපාධි අරන් ඉන්න සියගානක් අයත් අරගෙන නැවත පැවිදි කරන්න පුළුවන් නම්..!

:       0       32

ජෝයි Tuesday, 29 October 2019 04:57 AM

දෙමළුන්ට බුද්ධාගම උගන්වන එක කරන්න බැහැ. දෙමළ, බෞද්ධ කියා දෙයක් නැහැ.

:       21       0

ආනන්ද පිටබැද්දර Tuesday, 29 October 2019 05:24 AM

ආගම් භේද, කුළ භේද, ජාති භේද නැතිව බුදුන් වහන්සේ ගේ කාළයේ සසුනට පින්බර හැම දෙනෙක්ම එකතු කර ගත්තා. අද කාළයේ වගේ අර නිකාය, මේ නිකාය කියලා භේදයක් තිබුණේ නැහැ. මේක නම් නියම බුද්ධ ප්‍රතිපදාව බව තමයි මගේ වැටහීම. බුදු සසුන තවත් වසර 5000ක් විරාජමානව වැජඹේවා...

:       0       50

kamal Tuesday, 29 October 2019 06:14 AM

පසුව රන්ජන් රාමනායක ගාවට අඬාගෙන නොයන්න..

:       19       2

nadan Tuesday, 29 October 2019 07:42 AM

පැවිදි කිරීමට පෙර ලොකු හාමුදුරුවෝ විනය ගැන හොඳ පුහුණුවක් ලබා දෙනවා.

:       2       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 801 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 924 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 382 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site