(රංජිත් රාජපක්ෂ)                       

ජනාධිපතිවරණයට අදාල ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් ලඟ තබාගෙන සිටි තලවකැලේ ලිඳුල නගර සභාවේ උප සභාපති ඊයේ (15) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පැවසීය.

උප සභාපතිවරයා ආදර්ශ ඡන්ද පත්‍රිකා ලඟ තබාගනිමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලි සිටින බවට 119 හරහා තලවකැලේ පොලිසිය වෙත ලද පැමිණිල්ලක් මත උප සභාපතිවරයාගේ නිවස පරීක්ෂා කළ අවස්තාවේ ඔහුගේ නිවස තුළ තිබී ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ආදර්ශ ඡන්ද පත්‍රිකා 219 අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට උප සභාපතිවරායා අද (16) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව තලවකැලේ පොලිසිය පැවසීය.