
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි ආදම්ගේ පාලම (Adam’s Bridge) ආශ්‍රිත මුහුද යට විද්‍යාත්මක ගවේෂණයක් ආරම්භ කිරීමට ඉන්දීය රජය අවසර ලබාදී ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර ඇත.
විද්‍යාත්මක පර්‌යේෂණ මත පදනම්ව සාක්ෂි ලබා ගනිමින් ආදම්ගේ පාලමේ (රාමාගේ පාලමේ) සැබෑ තොරතුරු ලෝකයට අනාවරණය කිරීමේ අරමුණෙන් මෙම ගවේෂණය සිදු කරන බවද ඉන්දීය සංචාරක සහ සංස්කෘතික ඇමැති ප්‍රහලාද් සිං පටෙල් මහතා උපුටා දක්වමින් එම පුවත් සේවා වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
මේ වසරේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ප්‍රථම මෙම ගවේෂණ ආරම්භ කෙරෙනු ඇති බවද එම වාර්තාවේ සදහන් කර ඇත.
ඉන්දියාවේ විද්‍යාත්මක හා කාර්මික පර්‌යේෂණ කවුන්සිලය සහ ගෝවාහි ජාතික සාගර විද්‍යා ආයතනය මෙම අධ්‍යයනය සිදුකරන අතර එම පාලම ආශ්‍රිතව රාමායනයට අදාළ පුරාවිද්‍යාත්මක ස්ථාන සාගරයේ ගිලී පවතීදැයි මෙම ගවේෂණයේදී අවධානය යොමු කරනු ඇත.
එසේම රාමාගේ පාලමේ නිශ්චිත වයස සාගර පතුලේ ඇති ෆොසිල අධ්‍යයනයෙන් සොයා ගැනීමට නියමිතය.
මීට පෙර 2005දී අරාබි මුහුද සහ බෙංගාල බොක්ක සම්බන්ධ කරමින් මෙම ආදම්ගේ පාලම හරහා ඉදිකිරීමට යෝජනා වූ සේතු සමුද්‍රම් නාවික ඇළ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පරිසරවේදීන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ අත්හිටුවනු ලැබීය.
-125
COMMENTS
ඒ ගමන කාටද දන්නේ නෑ එන්න හදන්නේ? ඔය එන්නේ කස කාරයො ටික පෙරහරේ මුලින්ම. අපිට ආදරේට මේ අය පාලමක් හදලා දෙන්න හදනවාද කොහෙද?
ආදම් මේ පාලමෙන් වෙන්න ඇති එන්න ඇත්තේ...