අජන්ත කුමාර අගලකඩ
අද (27) දහවල් පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
කතානායක කරු ජයසූරිය මහතා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට චෝදනා කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන ඇත.
පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවනවා සේම පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයෙන් අද දිනයේ දිවා භෝජනය නොගැනීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරුන්ගේ දිවා භෝජනය සඳහා වැයවන මුදල කතානායකවරයාගෙන් අය කර ගන්නා ලෙස ඉල්ලීමක් කිරිමට ද මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව ඔහු කීවේය.
COMMENTS
දැන් ආණ්ඩුවක් තියනව කිව්වා නේද? එහෙනම් මොකද මේ ආණ්ඩු පක්ෂය හැංගිලා? සාමාන්‍යයෙන් විපක්ෂය තමයි පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කරන්නේ... අපේ මේ පළමු වතාවට දැක්කේ ආණ්ඩුව පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කරනවා. මොකද බහුතරය නැති නිසා බයද පාර්ලිමේන්තු යන්න.
එයාලා හිතාගෙන ඉන්නේ අපේ මොලේ වැදිලා තියෙන්නෙත් එයාලගේ තරමට කියලා. ඔය කට්ටිය බලය ඇල්ලුවේ මොනවටද කියලා අපිට දැන් හොඳට තේරෙනවා. ඒක නොදැන ඉඳීම එයාලගේ අවාසනාවක්...
අනේ මෙහෙමත් මිනිස්සු. ආණ්ඩුව පාර්ලිමේතුව වර්ජනය කරන ලෝකේ පළමු රට වෙන්න ඇති. මේ මෝඩයෝ ටික එකතු වෙලා මොකද කලේ? හොරකම් දුෂණ චෝදනා නිසා මුළු රටේම පීචං වීගෙන ගිය යු.අන්.පී යට ආයෙත් පණ දීල හොඳ තැනක් ලබා දුන්නා. ඒ වගේම පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් කප් ගහපු පොහොට්ටුව පීචං කරලම දැම්ම. තව දුරටත් ඒකම කර කර ලෝකය ඉස්සරහ අපේ රටත් පීචං කරනවා. අපිව කන්නේ නැතුව යන ලෝකෙක ගියා නම් නරකද?
යකෝ මුන් ඔක්කොම අපේ සල්ලිත් එක්ක සෙල්ලන් කරන්නේ. රටේ කී දෙනෙක් ඉන්නවද අද බඩගින්නේ? මුන්ට රජබෝජුන් දීලත් අපේ සල්ලි වලින් නොකා වර්ජනය කරනවා. මුන් ඇත්තටම රටට පිලිලක්. හරිම විනාශයක් මේක.
එන්නේ නැතිනම් වේලාසනම දැනුම් දෙන්න එපාද? වියදම් කරන මුදල අම්මගේ අප්පාගේ බුදලේද? අපි නම් ගෙදර යන්න පරක්කු වෙනවනම් වේලාසනම දැනුම් දෙනවා කෑම එපා කියලා. මොකද වියදම් කරන්නේ අපිනේ.
මන්ත්‍රීලගේ දිවා භෝජන වියදම කථානායකගේ අය කරන්න කියන්න මෙයාට මොලයක් නැද්ද? තමා පාර්ලිමේන්තු නොඑනවානම් කෑම එපාකියල ජාතික ධනය විනාශවීම වලක්වන්න බැරිද? ඉදිරියේවත් මෙවැන්නන් පාර්ලිමේන්තු නොයවා රට විනාශයෙන් බේරාගනිමුද?
පාර්ලිමේන්තුව රැස් කරත්, එය වර්ජනය කරන එක, මන්ත්‍රී කෑම වලට යන වියදම ගැන ගොඩක් අය මෙතන කිඹුල් කඳුලු හෙලනවා. හැබැයි බැඳුම්කරෙන් බිලියන ගාණක් හොරාකාපු එක ගැන කිසිම කතාවක් නෑ.. අැයි ඒ?? ඒව මහජන මුදල් නෙමෙයිද?
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු
මේ අය නැත්තටම නැති කරලා දාන්න කව්රුවත් නැති එක මේ රටේ ඉන්න අයගේ අවාසනාවක්. මේ ටික හරියට ආවොත් උන් පරාද වෙන බව දන්නවා එක හින්ද එන්නේ නැහැ සත්‍යය ඕක නොවැ..... හැබැයි අපේ රටේ හරක් ටික ලබන සැරෙත් ඔය : නරි ටිකම දියවන්නාවට යවන්නේ....
මේ ගොන්නු රැල විනාශ කරන්නේ අපේ රට නේද?
පාර්ලිමේන්තු මන්ත්‍රීන් කියන්නේ මහජන නියෝජිතයෝ, එහෙම පත්කරපු අය පාර්ලිමේන්තු යන්නනේ නැහැ කියන්නේ.. මහජන මතයට පිටුපෑමක් නෙමෙයිද?
මොකට එනවාද අනේ? ඔහොමම 225ම ගෙදරම නවතින්න. අන්තර්ජාතික විහිලු සැපයීමේ මධ්‍යස්ථානය වහලාම දමන තරමට හොඳයි.
හපොයි මෙහෙමත් විහිලු.., ස්වාසිලන්තයේවත් නැතිව ඇති. කතානායකගේ පොකට් එකෙන් මන්ත්‍රීලාගේ දවල් කෑමට ගෙවන්න කියන රටක්..!
ජනාධිපතිට නව අගමැතිවරයෙකු පත්කිරීමට බලතල තිබුණත්, එම අගමැති විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගත යුතුයි. එසේ නොහැකිවූ විට ඔහු නීත්‍යානුකූල අගමැති වන්නේ නැහැ. ඔහුගේ අමාත්‍ය මණ්ඩලය හා කැබිනට් එකද නීත්‍යානුකුල නැහැ. මේක තමයි සත්‍යය. එබැවින්, රටේ වගකිවයුතු මාධ්‍ය හා මාද්‍යවේදීන් මෙම නෛතික නොවන රජය පිලිනොගෙන ඔවුන්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස හැඳින්වීමයි කළයුතු වන්නේ. එවිට ඔවුන් සත්‍ය වටහා ගෙන බහුතර රජයට ඉඩදේවි. අනතුරුව ඉක්මණින්ම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යාහැකි වේවි...
මේ කවුද? අපේ රට කනවා. අපේ රටේ මිනිස්සු බුද්ධිමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙන කරන්න කියන්න දෙයක් නැ. මොකද මේ වගේ උන්ව පත්කරන්නේ අපේ මිනිස්සු..
ගහල එලවන්න ඕනෑ... කාලකන්නි.
ඒකාබද්ධයේ මේ විනාශයට එරෙහිව වීදි බහින්න ඇරෙන්න වෙන වැඩක් නැහැ. මමත් මහින්දට ඡන්දෙ දෙන්න හිටියේ 2019. හැබැයි දැන්නම් දෙන්නේ නැහැ.
අපි මොවුන්ට නොඑන්නම ජන මතයක් ඇති කරමු.
වර්ජනය කරලා රටක් ගෙනියන්න පුලුවන්ද? ඔය ඉල්ලන කෙනෙකුට දීල ඡන්දයක් ආවම ආණ්ඩුවක් පිහිටුවා ගත්තනම් හොඳයි. එතකම් ඉවසන්න බැරිද?