
(අජන්ත කුමාර අගලකඩ)
යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් ඇමෙරිකානු සමාගමකට දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් සහ විදුලි බල ,ඛනිජ තෙල් හා වරාය වෘතීය සමිති කීපයක් අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පැවැත්විණි .
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,වාසුදේව නානායක්කාර,උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, දයාසිරි ජයසේකර ,දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ,ජයන්ත සමරවීර , විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ටිරාන් අලස් යන මහත්වරු සහ අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ .
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු, විදුලි බල, ඛනිජ තෙල් හා වරාය යන ආයතනවල වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් ද ඊට සහභාගි වූහ .
යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය නැවැත්විය යුතු බව වෘත්තීය සංගම් නියෝජිතයින් එහිදී පෙන්වා දී ඇති අතර, ඒ සඳහා වෘත්තිය ක්‍රියාමාර්ගවලට පවා යාමට සූදානම් බවද ඔවුන් සඳහන් කර ඇත .
වෘත්තීය සමිති නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කර ,හවුල්කාර පක්ෂ 11 නායකයන්ගේ සහභාගීත්වයෙන් වෘත්තීය සමිති යළි හමු වන බව පක්ෂ නායකයන් දැනුම් දී ඇත .
දේශපාලන පක්ෂ නායකයන් හා වෘත්තීය සමිති අතර එම සාකච්ඡාව පැය දෙක හමාරකට අධික කාලයක් පැවති බව වාර්තා වේ .
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2038
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ - වෘත්තීය සමිති සාකච්ඡාවක්
Sussdewa Thursday, 07 October 2021 07:57 PM
බොරු විරෝධතා
Demuni Uduwara Friday, 08 October 2021 03:30 AM
දේශපාලන පක්ෂ ගැන නම් මට සැකයි.