IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


‘‘ආණ්ඩුව හඳුන්වා දුන් සහන පැකේජය ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක කළ යුතුයි‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

ආර්ථිකය තුළ ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ආණ්ඩුව හඳුන්වා දුන් සහන පැකේජය ස්ථාවර ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරියේදී ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් කරනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (29) පැවැසීය.

බදු සහන ආදී සහන ලබාදීම සඳහා රාජ්‍ය මූල්‍ය අංශය තුළ ඉඩක් තිබෙන බවත් ආණ්ඩුව දුන් සහනවලින් කෙටිකාලයේදී ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනයක් ඇතිවනු ඇති බවත් කුමාරස්වාමි මහතා කීවේය.

මේ වසරේ හත්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඒ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මෙම මාධ්‍ය හමුව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සහභාගී වූ අවසන් මාධ්‍ය හමුව ද විය.

නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් තුළ අදාළ සහන ක්‍රියාත්මක වනු ඇතැයි කී කුමාරස්වාමි මහතා බදු සහනවලින් කෙටිකාලය තුළ ආර්ථික වර්ධනයක් ඇති කරනු ඇතැයි ද ඊට ආයෝජකයන්ගේ විශ්වාසය සහ මුදල් ප්‍රතිපත්තිය ඉඩ සලසනු ඇතැයි ද කීවේය.

සුදුසු පරිදි ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කිරීම තුළින් තිබෙන සීමිත ප්‍රතිපත්තිමය අවකාශය දූරදර්ශි හා ඥානාන්විතව ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසෙනු ඇති බවත් එය කෙටිකාලීනව ආර්ථිකයට ඊට හැකි උපරිම අයුරින් ක්‍රියාත්මක වීමට අවස්ථාව සලසනු ඇති බවත් කුමාරස්වාමි මහතා කීය.

ආර්ථිකය තුළ වර්ධනයක් ඇති කිරීමට නම් යම් කිසි මට්ටමක සමස්ත ඉල්ලුමක් අවශ්‍ය බවත් එසේ වුවත් එය සමස්ත ඉල්ලුම සීමාව ඉක්මවා නොයා යුතු බවත් හෙතෙම පැවැසීය. ඒ නිසා ආණ්ඩුව ඉතාම ඉක්මනින් ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් කළ යුතු යැයි ද ආණ්ඩුව ඉදිරියේදී එසේ කරනු ඇතැයි ද ඔහු කීවේය.

ආර්ථිකය තුළ ඇති කරන ලද මෙම ඉල්ලුම සීමාව ඉක්මවා යෑම වැළැක්වීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාව මෙතෙක් නොවරදවා ණය වාරිකා ගෙවූ බවත් සහන ලබාදීම තුළින් ණය වාරික ගෙවීමටත්, දීර්ඝකාලයේදී උද්ධමනය අඩු සහ ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑමටත් ආණ්ඩුවේ මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන රාජ්‍ය මූල්‍ය ගමන් මඟට බාධාවක් එල්ල නොවීමටත් ආණ්ඩුව පියවර ගත යුතු යැයි ද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් කීය.



අදහස් (7)

‘‘ආණ්ඩුව හඳුන්වා දුන් සහන පැකේජය ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක කළ යුතුයි‘‘

kavantissa Friday, 29 November 2019 06:33 PM

ඔයාලගේ කතාව හරියට හනිමුන් ගිහිල්ලා ගෙදර එන දවසේ අහනවා කෝ උඹලගේ ළමයි කියලා. ටිකක් ඉවසලා හිටපන්. එ්කට මාස ගණනක් යයි.

:       68       113

සමන්ත Sunday, 01 December 2019 02:19 AM

මේ මොනවද කියවන්නේ? මේ ඇවිල්ලා අපේ රටේ පහළ වූ ශ්‍රේෂ්ට උගතෙක් මිසක් ඔයාලා වගේ පක්ෂවලට කඩේ යන අය නෙමේ. කතා කරන්න ඉගෙන ගන්න.

:       0       1

Soma dubayi Saturday, 30 November 2019 04:25 AM

අපිට ඕවා තේරෙන්නේ නැහැ.

:       39       23

රුස්සාන්Saturday, 30 November 2019 06:43 AM

ඔයාලට ඕවා නොතේරෙන නිසාම තමයි තේරෙන මාතෘකා වන ජාතිය වඳවීම්, ජාතික ආරක්ෂාව, මාධ්‍යවේදීන් ඝාතන, රත්තරන් අස්සයින් වගේ ඒවා ඇදලා අරං පෙන්නන්නේ...

:       123       239

Rata Perata Saturday, 30 November 2019 09:12 AM

ඒ ගැන බයවෙන්න එපා. දැනට තාවකාලිකව පත් කරගත් අයත් එක්ක මහින්ද ඔය පැකේජයට වග කියයි.

:       5       27

raviSaturday, 30 November 2019 10:52 PM

අනිවාර්යයෙන්ම ඕවාටත් වැඩ සිද්ද වෙයි.

:       0       1

Kumar Saturday, 30 November 2019 03:35 PM

සෑම පැකේජ් එකකටම වියදමක් තිබෙනවා. ඔය පැකේජ් එකට ගෙවන්නේ කොහොමද..? සල්ලි ණයට ගැනීම එක ක්‍රමයක්. අනෙක් ක්‍රමය සල්ලි නෝට්ටු මුද්‍රණය කිරීම. ඒ සෑම ක්‍රමයකින්ම සාමාන්‍ය ජනතාවගේ වියදම ඉහළ යන එක තමයි සිදුවෙන්නේ... දූෂණය නැතිනම් යහපතක් සිදුවෙන්න පුළුවනි.

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 455 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site