(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි අර්බුදයට විසඳුමක් නොසොයන ආණ්ඩුව මුළු රටම අද අඳුරේ තබා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
එසේම ජනතාවට තව කොපමණ කාලයක් අඳුරේ සිටීමට සිදුවනු ඇද්දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.
ප්‍රේමදාස මහතා මෙසේ ප්‍රශ්න කළේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
විපක්ෂනායකවරයා එම ප්‍රශ්නය මතු කරමින් වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
"රටේ විදේශ විනිමය හිඟවීම කළමනාකරණය කර ගැනීමට නොහැකි ආණ්ඩුව අදවනවිට රට බරපතල බලශක්ති අර්බුදයක් කරා ගෙන ගොස් ඇත. පසුගිය මාස කිහිපයේ ම, මුළුතැන්ගෙයි ගෑස් සිලින්ඩරය පිපිරෙද්දීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට පැය ගණන් පෝලිම්වල සිටීමට ජනතාවට සිදුවිය. වර්තමානයේ සිදුව ඇත්තේ, තමන්ගේ වාහනයට ඉන්ධන පුරවා ගැනීමට පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් ගැසීමටයි. ඇතැම් පිරවුම්හල් මේ වනවිට තමා විසින්ම පනවා ගත් සලාක ක්‍රමයන්ට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කර ඇත."
"ලංකාවේ විදුලි ඉල්ලුමේ විශාල වර්ධනයක් පසුගිය කාලයේ සිදු නොවූ අතර, රටේ දෛනික විදුලි අවශ්‍යතාවය වන මෙගාවොට් 2700 නිපදවීමට අවශ්‍ය ඉන්ධන සැපයීමට නොහැකි වීම විදුලි අර්බුදයට මූලික හේතුවයි. උසස් පෙළ දරුවන්ට සිය විභාගයට මුහුණ දීමට සිදුව ඇත්තේ විදුලි බිඳ වැටීම් මැදය. නැතහොත් අඳුරේ ය. අඛණ්ඩව විදුලිය නොමැති වීම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා නැගී එන සංචාරක කර්මාන්තය වෙත බරපතල බලපෑමක් ඇති කරමින් පවතී.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, බලශක්ති හා විදුලිබල අමාත්‍යවරුන් විසින් සිදු කරනු ලබන තරඟකාරී මාධ්‍ය ප්‍රකාශ හැරුණු විට කිසිදු සාධනීය විසඳුමක් සොයා ගත නොහැකි ආණ්ඩුව මේ වන විටත් රටේ බොහෝ ප්‍රදේශ දිනකට පැය 5ක් පමණ අඳුරෙහි තබයි.
අර්බුදය තවදුරටත් ව්‍යාකූල කරමින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට මුදල් සැපයීමේ දී ණය සීමාවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස මහ බැංකු අධිපති වාණිජ බැංකු වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. ලෝක බොර තෙල් බැරලයක මිල අද වනවිට ඇමරිකානු ඩොලර් 97කට පමණ ද පැමිණ ඇති අතර, එය තවදුරටත් ඉහළයාමේ අවදානමක් ද පෙනෙන්නට ඇත.
මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අසමත් අමාත්‍යවරුන් සිදුකරන්නේ, තෙල් නැවක් වරායට පැමිණෙන විට එය පිළිගැනීමට උත්සව පැවැත්වීමයි. තව ද ඉන්ධන මිලදී ගැනීම සඳහා විදේශ විනිමය ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමේ නොහැකියාව මහජනතාව වෙත ම පටවමින් අධික ලෙස විදුලි පරිභෝජනය හා වාහන ධාවනය සිදු කරන බව ප්‍රකාශ කරමින් මහජනතාවට චෝදනා නඟයි.
රටේ බලශක්ති සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් හෝ අවම කළමනාකරණ දැනුමක්වත් යෙදවූවේ නම් සිදු කළ යුතුව තිබුනේ, රටේ බලශක්ති අවශ්‍යතාවය සම්බන්ධයෙන් නිසි පුරෝකථනයක් මත පිහිටවූ සැලසුම් සහගත ඉන්ධන මිලදී ගැනීමකට යොමු වීමයි.
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.
(1) විදේශ විනිමය නොමැති නිසා ඉන්ධන නොමැතිව රට බරපතල අර්බුදයකට පත්ව ඇති බව රජය පිළිගන්නේ ද?
2) වාහන සඳහා භාවිතා කිරීමට අද දිනට අප සතුවන පෙට්‍රල් සහ ඩීසල් සංචිතය මෙට්‍රික් ටොන් කොපමණ ද? එය දින කීයක් සඳහා ප්‍රමාණවත්ද ? ඉදිරි කාලයේ දී වාහන සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට හැකියැයි අමාත්‍යවරයාට සහතික විය හැකි ද?
3) තාප බලාගාර පවත්වාගෙන යාමට ඩීසල් හා දැවිතෙල් කොපමණ ප්‍රමාණයක් දෛනිකව අවශ්‍ය ද? එම ප්‍රමාණයන් තව කොපමණ කාලයක් සැපයීමට ඛණිජ තෙල් සංස්ථාවට හැකි ද?
4) ඉදිරි මාස 3 සඳහාවත් මෙරටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කොතරම් මුදලක් අවශ්‍ය ද යන්න පුරෝකථනය කර තිබේ ද? ඒ කොපමණ ද? ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය ලබා ගන්නේ කෙසේ ද?
5) විදුලිය අඛණ්ඩව සැපයීමේ සැලැස්මක් නොමැතිනම්, අඩුම තරමේ ඉදිරි මාසයක කාලය තුළ දී විදුලිය විසන්ධි කිරීමේ නිශ්චිත සැලැස්මක්වත් රජය සතුවේ ද? එසේනම්, ඒ කුමක්ද?
6) කොවිඩ් වසංගතයත් සමග අගාදයට වැටුණු සංචාරක කර්මාන්තය, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැතිවීම නිසා තවදුරටත් කඩා වැටීමකට ලක්විය හැකි බව රජය නොදන්නේ ද? එම කර්මාන්ත පවත්වා ගෙන යාම සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට රජයේ ඇති වැඩපිළිවෙල කුමක් ද? තවත් කොපමණ කාලයක් ජනතාවට අඳුරේ සිටීමට සිදුවනු ඇති ද?
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ආණ්ඩුව මුළු රටම අඳුරේ තියලා
fairoos Thursday, 24 February 2022 03:19 PM
‘‘මේවට ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ... ආණ්ඩුවට සහයෝගය දෙන්න ඕනේ..“ කොරෝනා නිසානේ මෙහෙම වුණේ...
Bamunuarachchi Thursday, 24 February 2022 05:04 PM
ගොබ්බකතා කියන්න එපා හලෝ. රටට විදුලිබලය නැති වුණු පළමු අවස්ථාව මෙය නොවෙයි. රටට විදුලිබලය නැහැ, තෙල් නැහැ, ගෑස් නැහැ.., මෙකී නොකී බොහෝ දේවල් නැහැ. ඒ නැතිකමේ මුල ඩොලර් නැතිවීමයි. මොකෝ ඔබලා බලයට ආවොත් ඩොලර් මවනවද? ජෙප්පන් බලයට ආවොත් ඩොලර් ලැබෙනවද? රට නැවත ක්‍රමයෙන් හරියන තුරු මෙහෙම යමු... ඔබලා හෝ ජෙප්පන් බලයට පත්කිරීම උත්තරය නොවෙයි. ඒක කබලෙන් ලිපට වැටීමක්...!
Lalith M Thursday, 24 February 2022 09:36 PM
ඔව්, සැටලයිට් මැඩම්ගේ රජකාලේ මේ වගේම ලයිට් කැපුවා. පස්සේ කරු ජයසූරිය මහතාට පින්සිදු වෙන්න ලයිට් දුන්නා. ප්‍රගතිශීලී කියාගන්න ආණ්ඩු ආපු හැමදාම වැලේ වැල් නැතිවෙලා තමයි රට නවතින්නේ...!