(චමිල් රූපසිංහ)
ආණ්ඩුවේම ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව දුර්වල බව කියමින් සිදු කරන අවිනීති ප්‍රකාශ නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධව ජනතාව තුළ සැකයක් උපදින බවත් ජාතික ආරක්ෂාව ඉතා ශක්තිමත් ලෙස විධිමත්ව පවත්වා ගෙන යන අවස්ථාවක එවැනි ප්‍රකාශ නිසා එය රටේ ඉදිරි ගමනට අයහපත් ලෙසින් බලපාන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මහනුවර ජනපති මැදුරේදී අද (15) පැවැති මහනුවර ඇසළ පෙරහර සමාප්ති උත්සවයේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය අප්‍රෙල් මස 21 දින එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉතා කෙටි කාලයක් ඇතුළත රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවත් අයහපත් මෙන්ම පහත් දේශපාලන සංස්කෘතියක් රටේ ක්‍රියාත්මක වන බවත් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් දේශපාලනඥයින් කළ වගකීම් විරහිත ප්‍රකාශ හා ඊට සම්බන්ධ පිරිස් පෞද්ගලික හා දේශපාලන වාසි සඳහා කරනු ලබන අවිනීති විවේචන රටට අහිතකර ලෙස බලපාන බවත් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණි ජනතාව තරමක් අඩු වීමට එය හේතුවූ බව ද ජනපතිවරයා පැවසුවේය.
පෙරහරේ ආරක්ෂාව තහවුරු කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මාස තුනකට ඉහත සිට සැළසුම් සකස් කළ බවත් දේශපාලන න්‍යාය පත්‍ර මෙන්ම දේශපාලන කුහකකම් හකුළුවා ගෙන රට වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉෂ්ඨ කිරීම ඉතා වැදගත් බවත් එලෙස සැවොම කටයුතු කළේ නම් වෙනදා මෙන් අති විශාල ජනතාවක් පෙරහර නැරඹීමට පැමිණෙනු ඇති බව ද ජනපතිවරයා එහිදි සඳහන් කළේය.
දළදා පෙරහරේ කෙරෙන සම්ප්‍රදායික කටයුතු නිසි ලෙසත් විධිමත්වත් සැළසුම් සහගතවත් ඉෂ්ඨ කිරීමට රජය දිය හැකි සියලු සහයෝගය නොඅඩුව ලබා දෙන බවත් සෑම රජයකම වගකීම හා යුතුකම එය බවත් කී ඒ මහතා වර්තමාන රජය ඒ ආකාරයෙන්ම එම කටයුතු නිසි ලෙස ඉටු කර තිබෙන බවද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල,සතර මහ දේවාල බස්නායක නිළම්වරු, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල,මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක, මහනුවර පුරපති කේසර සේනානායක,ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආරක්ෂාව පිළබඳව දන්නා ඒ සම්බන්දව කටයුතු කරපු අයයි එවැනි ප්‍රකාශ කරන්නේ. ඔබ යැපෙන්නෙත් ආරක්ෂාව පිළිබඳව අදාළ පුද්ගලයින් දෙන පණිවිඩ මතයි.
සැකය තවත් උපදින්න දෙයක් නැහැ. ඉපදිලා දැන් අවුරුදු 5ක් කිට්ටුයි.
ඒක නම් ඇත්ත. ඡන්ද පදනමක් නැති අයව ජාතික ලැයිස්තු වලින් ගෙනාවහම ඔහොම වෙනවා. ඔබතුමාට ඔන්න ඉදිරි ජනාධිපතිවරණයේ හොද අවස්ථාවක් තියෙනවා. ඔබතුමාත් නාම යෝජනා භාරදෙන්න.
ඒ අය ගෙන්වලා අවවාද කරන්න අවශ්‍යය පියවර ගන්න රාජ්‍ය නායකයා හැටියට ඔබටත් වගකීමක් තියෙනවා.
සුදුස්සාට සුදුසු තැන දුන්නනම් තමුන්නැහේ ඔහොම අවලාද අහන්නේ නැහැ නේද? ආරක්ෂාව ගැන පුළුල් අවබෝධයක් ඇති එතුමාට දේශපාලන කුහකකම් නැතුව ආණ්ඩුව නිර්දේශ කරපු වෙලාවේ අදාල අයට දුන්න නම් 21 ප්‍රහාරය නොවෙන්න තිබුනා.
"බාරයක් ඔප්පු කිරීමට" කියා මෙවර පෙරහරේ ගමන් කිරීමට යෙදූ වයස 70ක් වූ කෙසඟ දුර්වල සිරුරක් සහිත ඇතින්නක් පිළිබඳ ඉතා විවේචනාත්මක වාර්තාවක් ලෝකය පුරා මාධ්‍ය ආයතන මඟින් මෙන්ම අන්තර් ජාලය මඟින්ද ප්‍රසිද්ධ කර ඇත. මේ ගැන ඇත්පන්තිය බාර නිලධාරීන් සහ අලින්ගේ සෞඛ්‍යය පිළිබඳව සොයා බැලීමේ වගකීම භාරව සිටි පශුවෛද්‍යවරුන් කියා ඇත්තේ "එම ඇතින්න කෙට්ටු වුණාට ශරීර සෞඛ්‍ය ඉතා හොඳින් පැවතුණු සතෙකු" බවයි. කෙසේවුවද එම ඇතින්න ඊයේ සවස වනවිට අබලන්ව අද වැටී ඇති ආකාරයක් දක්නට ලැබුණු බවද වාර්තා විය. දළඳා පෙරහැර වැනි අපේ රටට ඉමහත් කීර්තියක් ගෙන දෙන සංස්කෘතිකාංගයක් මෙවැනි අදූරදර්ශී ක්‍රියාවක් හේතුවෙන් ලොවපුරා විවේචනයට හා අප්‍රසන්න භාවයට පත්වීම ගැන කණගාටු වෙමු. බලධාරීන්ට මේවා පෙනේවා...!!!
අනේද කියන්නේ? රටේ ආරක්ෂාව ඉහළින්ම තිබුණු හින්දනේ සහරාන්ලා වැඩේ සාර්ථක කරගත්තේ... කුස්සියේ ආරක්ෂක මණ්ඩලය හැමදේම දන්නවා වගේ. ඔය තව තව එළියට දාන්න හදනවයි කියලත් කියන්නේ. රෙදිත් නැතිව යන්න වෙයි වගේ.
බමුණුආරච්චි මයා වෙත, ඔබට වැරදි ඇත. අප එසේ පවසන්නේ මේ හාදයා කියලා තියෙන්නේ ඉන්දියන් ආණ්ඩුවේ පිරිස් අපේ රටේ ආරක්ෂාව දුර්වලයි කියන එක. නැතුව මේ අපේ ඉන්න හැලිවඳුරන් 225ට තියන වැඩරාජකාරී බැලුවම ඒ වඳුරන්ට ඔය එක එක ආරක්ෂාව ගැන වැඩක් නැහැ.
රටේ හදිසි නීතිය පනවා ඇත කියන්නේ ආරක්ෂාව මදි කියන එකයි . එය පනවල තියෙන්නේත් ඔබ විසින් මයි.
ආරක්ෂාව ගැන ඔය කතාව කියනකොට මතක් වෙන්නේ "සීතාම්බර පටය"ඇඳගෙන මගුල් ඇතා පිට වීදි සංචාරය කල රජ්ජුරුවෝ..
දැන් ජනතාවට සැකයක් නැහැ .මොකද හදිසියේ ජනාධිපති රට ගියොත් ජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන උනන්දු වෙනවා. කල්පනාවෙන් ගමන් යනවා. එ්ක තමා ආරක්ෂක සිග්නල් එක.