(නිමල කොඩිතුවක්කු)
රටේ ආර්ථිකය, සංවර්ධනය, දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී ඇති අවස්ථාවක ආණ්ඩුව ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරනවා වෙනුවට තම ගජ මිතුරන්ට අලි පැටවුන් ලබා ගැනීම සඳහා පනත් සම්මත කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා කොළඹදී පැවසීය.
අද ජනතාවට කොරෝනා වයිරසයට වඩා රාජපක්ෂ ආන්ඩුවේ වයිරසයෙන් බැට කෑමට සිදුව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
"මේ ආණ්ඩුව කෙටි කාලයක් තුල විවිධ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. දැන් තවත් පනතක් ඉදිරිපත් කර තියෙනවා. වෘක්ෂය ලතා පනතේ 61 වගන්තියේ තිබෙන වන අලි පොදු දේපල ගැන එහි සදහන් වනවා. බලපත්‍ර නැති අලියෙක් ලග තබා ගැනීම නීතියානුකූල නැති බව වගන්තියේ සදහන් වෙනවා. රටතුළ අලි පොතක් තිබෙනවා.
එම පොතේ විහාරස්ථාන තුල හා හාම්පුතුන් ලග සිටින අලි ගැන සටහන් වෙනවා. එවැනි පොත් 7ක් වනජීවි දෙපාර්තමේන්තුව සතුව තිබුණා. එයින් එක පොතක් අතුරුදන් වෙනවා. අදටත් එය හොයාගන්න බැරි වෙලා.
ඉල්ලුම් පත්‍රයේ කිසිම තැනක නැහැ ලියාපදිංචි කරන අලියා කොහෙන්ද ලැබුණේ කියලා ලැබුණේ කාගෙන්ද ගෙනාවේ මොන අම්මගෙන් ද බිහි වුණේ කිසිම දෙයක් පෙන්නේ නැහැ. ගෙදර හුරතලේට ඇති කරන්න බලු පැටියෙක් ගන්නවා නම් ඔහුගේ විස්තරයක් දෙනවා.
මේ ඉල්ලුම්පත්‍රය එවැනි දෙයක් නැහැ. මේ තුළින් මේ රජය අලි හාම්පුතුන්ට ගිහිල්ලා පැටියෙක් ගේන්න පනත සම්මත කරනවා. මේ රටේ සත්ව හිංසනය සම්පූර්ණම නතර විය යුතුයි. ආණ්ඩුව විවිධාකාරයේ පනත් ගේනවා මේ මාසේ හත්වැනි දා කළු සල්ලි සුදු කරගන්න පනතක් ගෙනාවා මේ රටේ කුඩු විකුණන මිනීමරණ මනුස්සයන්ට කළු සල්ලි ගෙනල්ලා සුදු කරගන්න ආණ්ඩුව අවස්ථාව ලබා දෙනවා. මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා අද ජනතාව අන්ත අසරණ වෙලා ඉන්නවා.
COMMENTS
දැන් තුමන්ලාට පන තිබෙන අලි නැති නිසා ඔය අලි කීපදෙනේක්වත් ගන්න බලන්න .කයිවාරු විතරයි වැඩ බැරි ටාසන්ලා
කැලෑවල්වල දැන් අලින්ට ජීවත් වෙන්න ඉඩ මදි. එබැවින් හැකි අයගේ ගෙවල්වල ජීවත් වෙන්න ඉඩ ලබාදීම වරදක් නොවේ.
ෆෙයරූස් මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි මනුස්සයෙක් .දන්නා එකම දෙය පුතානෝටයි මැරිච්ච අලියටයි කඩේ යන එක විතරයි
ගජ මිතුරන්ට නේන්නම් අලි පැටව් දෙන්නෙ...
බුදුන් වහන්සේ කියල ඇති , තමන්ගෙ ධාතු , කැලෑවල යහතින් ජීවත් වන අලියන්ගෙ මව මරා පැහැරගත් පැටව් ලොකු කර වංසක්කාරකම ආටෝප කර, එම අලිින් පිට තබා ප්‍රදර්ශනය කරන්න කියල, ඒකයි මේකට ස්වාමීන් වහන්සෙලත් මැදිහත් වන්නෙ,