(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන බැවින් ඔවුන් සිවුදෙනා ලබන 18 වැනිදා තෙක් තාවකාලිකව නිවාඩු ගන්වන්නැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ වළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න,බස්නාහිර ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් සහ නැගෙනහිර ආණ්ඩුකාර ෂාන් විජයලාල්ද සිල්වා යන මහත්වරුන්ට මෙසේ ලබන 18 වැනිදා තෙක් නිවාඩු දෙන්නැයි මහින්ද දේශප්‍රිය මහතා සිය ලිපියෙන් ඉල්ලා ඇත.
මෙම ආණ්ඩුකාරවරුන් සිවු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන බවට මැතිවරණ කොමිසන් සභාවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් එහි සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව වාර්තාවේ.
මේ අතර මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා එම ආණ්ඩුකාරවරුන් සිවු දෙනාට ද මීට පෙර මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

COMMENTS
ඔව් එතකොට තව හොදට වැඩ කරන්න පුලුවන්නේ.
ඉබ්බා වතුරට දාන්න හදන කොට ඇන්නෑවෙයි කිව්වලු. නිවාඩු දුන්නහම පැය 24 ම ඡන්ද වැඩ කරන්න පුළුවන්නේ.
ගිහින් ජනතාවට සේවය කරන්න. කොහොම කඩේ ගියත් හාන්සි. එදා කාලේ අපිට මතකයි. ඔය මෙහෙ කෙනෙක්? ලංකාවේ කෙනෙක් නැද්ද ඕකට. අනේ මගේ රටට ගිය කල.
නීතියට ගරු කරන්න දන්නා පුද්ගලයින් මෙම තනතුරුවලට පත්කරන්න වෙනවා.
බණ කතා කරනවද? අපරාධකාරයින්ට සමාව දෙන ජනාධිපතිතුමා ඔය විදිහේ ඉල්ලීමකට කන් දෙයි කියලා හිතනවද? ඒ අයට තවටිකක් සපෝට් එක දෙන්න ඉඩ තියනවා!
හොද වැඩේ මහජනතාවගේ සල්ලි අරන් කඩේ යනවා දේශපාලකයන්ට. තව කතා කරන්නේ නිර්මල අනාගතයක් ගැන . මට හිතෙනවා මැකෝව ජනාධිපති කරන්න.
ඔබ පෙර කියූ සේ මැතිවරණ උල්ලංගනය කිරීම් හමුවේ ඔබට ඇති බල තල අනුව ඔයවගේ අය දිනුවත් ඒක අවලංගු කරන්න එතකොට හැමෝම හරි මග යාවි.
නිවාඩු දෙන්නේ කැන්වසින් යන්නද ?
අපේ රටේ තවමත් ඉන්නේ මානසික වහල්ලු බවට පත් වෙච්ච සිංහලයෝ කියල විතරයි මට කියන්න තියෙන්නේ. තමන් කැමති කෙනා හොරකම් කලාට මිනි මැරුවට කමක් නැහැ අනිත් අය හරියට ඉන්න ඕන කියල හිතාගෙන එක එක දේශපාලන කයිවාරු කාරයන්ට කඩේ යනවා . හොදට බලන්න , රනිල් මහින්ද දෙන්න ඉන්නේ එකම පිලේ කියල ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද ? මහින්ද සම්බන්ධ නඩු එකක් වත් හරියට විභාග නොකළේ අයි ? රනිල්ට බලයක් තිබුනේ නැද්ද ? එයාල දෙන්නා ඉන්නේ එකම කදවුරේ. වෙනසකට තියෙන්නේ අපිට පේන්න දොරවල් දෙකකින් එලියට එන එකයි. ඒක නොදැක්කා වගේ අපේ මිනිස්සු කියන්නේ අනුර රනිල්ට කඩේ යනවා, මහේෂ් තව කාගේ හරි ඉත්තෙක් , රොහාන් මෛත්‍රීගේ නෑයෙක්. අපි කවදද රටේ ජනතාව වෙනුවෙන් කඩේ යන්නේ? කවද්ද රටේ යහපත වෙනුවෙන් කඩේ යන්නේ ? කවදද රට බේරා ගන්න කඩේ යන්නේ ? කවද හරි එහෙම ගියොත් මේ රට ගොඩ යාවි. එතකල් මේ මඩ ගොහුරේම ගිලෙමින් තියේවි.
දැම්මම වැඩ පටන් අරන් වගේ.