IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘‘ආණ්ඩුකාරවරු මැතිවරණ ප‍්‍රචාරයට රාජ්‍ය සම්පත් යොදා ගන්නවා‘‘

(විනීතා එම් ගමගේ)

පළාත් ආණ්ඩුකාරවරුන් මැතිවරණ ප‍්‍රචාරය සඳහා එක්වෙමින් පළාත් සභා සතු රාජ්‍ය සම්පත් ඊට උපයෝගී කරගන්නා බවට මැතිරවණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි.

පළාත් රාජ්‍යසේවා කොමිසමේ ද භාරකාරත්වය දරමින් සමස්ත පළාතේ නියෝජිතයා ලෙස කටයුතුකරන පළාත් ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප‍්‍රවර්ධනය කරන නියෝජිතයන් සේ කටයුතු කරමින් සිටීම දැඩි සේ අවධානයට ලක්කළ යුතු කරුණකැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට අද (25) පැවසීය.

බස්නාහිර,වයඹ හා දකුණු පළාත්වල ආණ්ඩුකාරවරුන් මෙසේ අපේකෂ්කයන් ප‍්‍රවර්ධනය කරන ආණ්ඩුකාරවරුන් අතර කැපී පෙනෙන බව ද ගජනායක මහතා කීය.

ඔවුන් පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ප‍්‍රවර්ධනයට කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා පළාත් සභා සතු සම්පත් යොදාගන්නා බවත් තම ධූරයේ පවත්නා අභිමානය හා ගෞරවය ද පසෙක ලා දේශපාලනය කරමින් සිටින බවට හෙතෙම චෝදනා කරයි.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු ගෙවී ගිය දින 36 ක කාලය තුළ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත ලද පැමිණිලි අතරින් 464  ක් තහවුරු කරගත් බවද හෙතෙම සඳහන් කළේය. 

වැඩිම සිද්ධීන් ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර හා දකුණු පළාත් වලින් බවත් පැමිණිලි අතරින් වැඩිම ප‍්‍රමාණය එනම් 198 ක් ලැබී ඇත්තේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණට එරෙහිව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව පැමිණිලි 186ක් වාර්තා වී ඇති බවත් එහි දී පහර දීම් හා තර්ජනය කිරීම් හා සබැඳි සිද්ධීන් 16ක් වාර්තා වී තිබීම අවධානයකට ලක්කළ යුතු එකක් බවත්ගජනායක මහතා පැවැසීය.

 

         

  



අදහස් (2)

‘‘ආණ්ඩුකාරවරු මැතිවරණ ප‍්‍රචාරයට රාජ්‍ය සම්පත් යොදා ගන්නවා‘‘

chandima Saturday, 26 October 2019 02:19 AM

මුල් පිටුවේ තිබුණු පින්තූරයේ කපටි හිනාව දැක්කම මතක්වෙන්නේ මේ ඡන්දෙන් පස්සේ ගෝඨාභය දිනුවොත් එයා පාර්ලිමේන්තුව විසුරුවනකල් විධායක අගමැතිවෙලා සතුටින් මැරෙන්න විශ්‍රාම යන්න හිතන විදිය. හැබැයි එහෙම යන්න වෙන්නේ ආණ්ඩුව විසුරුවන තුරු කෙටි කාලය තුළ විධායක බලතල පාවිච්චි කරලා යාවජීව අගමැති වෙන්න යටිකූට්ටු දාන ගැටයක් ගහගන්න බැරි වුණොත් තමයි. නැතිනම් හැමදාටම විධායක අගමැති. සජිත් දිනුවොත් නම් කොහොමටත් හැමදාටම යාවජීව විධායක අගමැති. අර ගොල්ෆ් ක්‍රීඩාව කරන විදියට ටිකෙන් ටික, ටිකෙන් ටික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙනත් තමන්ගේ අතට බලය එන විදියට රටම රවට්ටලා පර කපාගත්තු හැටි බලපුවාම නම් හිතෙන්නේ මේ හැකියාව රටේ යහපතට යෙදුවොත් රටම ගොඩ යනවා සිකුරුයි.

:       2       33

AmilaSunday, 27 October 2019 03:31 AM

යම් විදියකින් ගෝඨා දින්නත් මාස 5ක් වත් ධුරයේ ඉඳියිද කියන්න බැහැ. දෝෂාභියෝගයක් හරහා බලයෙන් පහකරාවි. මොකද පාර්ලිමේන්තුවේ සුලු බහුතරයක්වත් ඔවුන්ට නැති නිසා.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site