IMG-LOGO

ආචාර්ය නේසයියා දේශමාන්‍ය සම්මානය ආපසු දෙයි

බිඟුන් මේනක ගමගේ 

 
ගත වූ සතියක කාලයේදී ජනාධිපතිවරයා ගත් තීරණ හේතුවෙන් ඔහු ගැන තිබූ ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂා භංග වී ඇතැයි ද එනිසා පසුගිය වසරේදී ඔහුගේ අතින් තමාට පිරිනැමුණු දේශමාන්‍ය සම්මානය නැවතත් ජනාධිපති කාර්යාලයටම යොමු කරන්නේ යැයි සඳහන් කරමින් ආචාර්ය දේවනේසන් නේසයියා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර ඇත.

 
උදා වී ඇති තත්ත්වය මත ශ්‍රී ලංකාවට හිතැති දේශප්‍රේමියකු හැටියට සම්මානය හා සහතිකය නැවත ජනාධිපතිවරයාටම යොමු කිරීම හැර විකල්පයක් නොදකින්නේ යැයි ද ආචාර්ය නේසයියා එහි සඳහන් කර තිබේ.
 
වසර 60 ක සිය පරිපාලන සේවා ඉතිහාසයේදී ශ්‍රීලනිප හා එජාප යන ආණ්ඩු දෙක යටතේම තමා තාඩන පීඩනවලට මුහුණ දුන්නේ යැයි ද ඔහු එහි සඳහන් කර ඇත.
 
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ අවස්ථාවේදී තමා හා නෑසිය මිතුරන් සියලු දෙනා දැඩි සන්තෝෂයට පත් වුව ද අද වනවිට එම හැඟීම වෙනස් වී ඇතැයි ද ආචාර්ය නේසයියා මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. 
 
මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ඇගයීම සඳහා පැවැති ‘ජාතික සම්මාන(2017) උළෙල‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පසුගිය වසරේ මාර්තු මස 20 වැනිදා පැවැති අතර ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් පිදෙන දේශමාන්‍ය සම්මාන 10ක් එහිදී පිරිනැමිණ.



අදහස් (19)

ආචාර්ය නේසයියා දේශමාන්‍ය සම්මානය ආපසු දෙයි

Hafeel Wednesday, 07 November 2018 04:55 PM

මේකනං හොඳ පාඩමක්.

:       69       993

BamunuarachchiThursday, 08 November 2018 03:56 AM

කාටද අපිටද? ජතාව පාඩම ඉගෙනගත්තේ 2015 දී. දැන් අපිට පාඩම කටපාඩම්. වෙන කාගෙන්වත් පාඩම් ඉගෙන ගන්න උවමනා නැහැ

:       179       87

රොමේෂ් Thursday, 08 November 2018 08:48 AM

සුප්‍රකට උගතුන්, බුද්ධිමතුන් කලකිරිලා රට හැර යද්දී, කුප්‍රකට නිවට වහලුන් තප්පුලනවා. රටවල් මේ මට්ටමේ හරි ඉතුරුවෙලා තියෙන්නේ අපේ මුතුන් මිත්තන් කියපු කරපු දේවල පින් මහිමෙන් මිසක් වෙන දෙයකින් නම් නෙමෙයි.

:       0       0

sirimal Wednesday, 07 November 2018 05:50 PM

රටේ යමක් කමක් තේරෙන සියලුම දෙනාට දැන් හිතිලා තියෙන්නේ මෙහෙම තමයි.

:       104       1281

chmi Wednesday, 07 November 2018 07:10 PM

රනිල් ඉවත් කිරීමේ කිසිම අසාධාරණයක් නෑ එත් නව අගමැති තනතුර වෙන අයෙකුට දෙන්න තිබුණා

:       169       654

IndhikaThursday, 08 November 2018 03:45 AM

මමත් ඔබ සමග එකගයි. නමුත් කාටද දෙන්නේ? සජිත්, කරුට ගන්න බෑලු. SLFP එකේ වෙන කෙනෙක්ට දුන්නට බහුතරය ගන්න බෑ. ඉතින් මහින්ද විතරයි ඉන්නේ. වෙන විකල්ප තියෙනවා නම් කියන්න බලන්න?

:       8       84

athuraThursday, 08 November 2018 07:38 AM

ඉතින් මහින්ද ආවා කියලා වෙනසක් නැහැනේ මහත්මයෝ. මහින්දටත් තාම බහුතරේ නැහැනේ.

:       0       0

V.warnakulasuriya Wednesday, 07 November 2018 09:28 PM

සම්මානය නම් ආපසු ඕන වෙලාවක දෙන්න පුළුවනි. අපි දීපු ඡන්දයට මොකද කරන්නේ. 2020 වෙනකම්ම ඉන්න වෙනවා. මෙතුමාට තිබෙන ගැටළුව අපටත් නැතුවා නොවේ.

:       18       13

ranish Wednesday, 07 November 2018 10:50 PM

මොනවටද මෙයාට ඕක දුන්නේ..?

:       32       29

rasika Thursday, 08 November 2018 01:29 AM

නියම විරෝධය පෑමක්. ඔබට මගේ ආචාරය

:       13       52

jayantha Thursday, 08 November 2018 01:34 AM

ආචාර්ය තුමාට ප්‍රණාමය

:       2       25

Chandana - Australia Thursday, 08 November 2018 02:14 AM

ගරු කරනවා ඔබ තුමාට

:       1       23

ලුම්බිණි Thursday, 08 November 2018 02:41 AM

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලා ඉන්න සමාජයක සිට මේ සිදුවේගෙන යන දේවල් වලට තමන්ගේ විරෝධය බුද්ධිමත්ව පෙන්වීම ගැන අප මෙතුමා අගය කල යුතුයි.

:       7       32

Ravi D Thursday, 08 November 2018 03:43 AM

නිවට විද්වතුන් වරද දැක නිහඩව සිටිද්දී, වරද වරදක් ලෙස පෙන්වාදීමට තරම් එඩිතර වීම ඉතාමත් අගය කරමි. " නරක මිනිසුන් ක්‍රියාත්මක වීමට වඩා, හොඳ මිනිසුන් අක්‍රිය වීම වඩාත් අහිතකර "බව කොහේ හෝ කියවා ඇත. රටේ අනෙකුත් උගත් බුද්ධිමත් අයටත් ඔබමෙන්ම සවිමත් කොන්දක් ලැබේවායි පතමි.

:       1       102

එන්.ගුණසේකර Thursday, 08 November 2018 03:44 AM

ඉගෙන ගන්න වියදම්කරපු දුප්පත් මහජනයාගේ සල්ලිත් ආපසු දෙනවද ?

:       101       2

sadis Thursday, 08 November 2018 03:52 AM

ජය වේවා නේසයියා මැතිඳුනි!

:       1       49

sandy123 Thursday, 08 November 2018 04:18 AM

මේ විදිහට හැමෝම තීරණ ගන්නවානම් රටට හොද කලක් යාවි.

:       1       46

Oshada Thursday, 08 November 2018 04:36 AM

රනිල් ඉවත් කිරිම සධාරණ වුවත්, එ.ජා.ප ය ආණ්ඩුවේන් ඉවත් කිරීම අශිෂ්ට යි..නින්දා සහගතයි..

:       21       67

samarage Friday, 09 November 2018 02:25 AM

මහා බැංකුව ගැටලුවේදී, ඇමතිවරු කෝටි ගණන් වාහන ගන්නකොට නිහඬව හිටියේ ඇයි

:       43       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 19 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2159 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 667 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site