





(රොමේෂ් මධුෂංඛ)
මහකන්නයේ වී වපුරා අස්වනු නෙළීමේ කාලය පැමිණ ඇතත් මේ දිනවල උතුරේ ප්‍රදේශ රැසකට ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් අස්වනු නෙළිය නොහැකිව ගොවීහු පීඩාවට පත්ව සිටිති.
වවුනියාව, කිලිනොච්චිය, මුලතිව් හා මන්නාරම් දිස්ත්‍රික්කවල ගොවීන් මෙම අවධානමට මුහුණ පා තිබේ.
පසුගිය වසර කිහිපයේදී වැසි නොමැතිවීමෙන් උතුරේ ගොවීන් ගොවිතැන් කිරීමෙන් වැළකී සිටියද මෙවර මහකන්නයේ සෑම කුඹුරකම ගොවිතැන් ආරම්භ කර තිබිණි. එහෙත් වර්ෂාව ඇදහැළීම හේතුවෙන් ගොයම් ගස් වැටීම, වී අස්වැන්න කැපීමට නොහැකි වීම, වී ඇට පැළවීම, වී වේලීමට නොහැකි වීම වැනි පීඩාවන්ට ඔවුහු මුහුණ දී සිටිති.
මේ දිනවල උතුරේ ගොවීන්ට වී වේළීමට පහසුකම් නොමැතිකම හේතුවෙන් උතුරේ ප්‍රධාන මාර්ගවල පවා වී වේළීමට සිදුව ඇතැයි ඔවුහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුවෙන්නද දුක් වෙන්නද ?