IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අස්වනු නෙලන්න තෙල් දෙන්න

(අංජුල මහික වීරරත්න)

අස්වනු නෙලන ගොවීන්ගේ කෘෂි යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ඔවුනට අඩුවකින් තොරව ලබාදීම සඳහා විධිමත් සැලසුමක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට අද (03) දැනුම් දුන්නේය.

ගොයම් කපන යන්ත්‍ර හෙවත් ගොවීන් විසින් බූතයා ලෙස හඳුන්වනු ලබන යන්ත්‍ර ඇතුළු සෙසු යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන නිසි පමණට ලබා නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යවරයාට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම කර තිබේ.

ගොවි ජනතාවට ඉන්ධන සැපයීමේ ක්‍රමවේදය සඳහා සැලසුමක් සකස් කර ඒ පිළිබඳව වහාම කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට දැනුම්දී තිබේ.

මේ දිනවල වී අස්වනු නෙලන අනුරාධපුර,අම්පාර, පොළොන්නරුව, කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්ක වල ගොවි ජනතාව කෘෂිකර්ම  අමාත්‍යවරයාට දැනුම් දී තිබෙන්නේ ඉන්ධන හිඟය නිසා අස්වනු නෙලීමෙි ප්‍රශ්න ඇති වී තිබෙන බවයි. ගොවි ගැටලු වලට සංවේදී වී ඉතා ඉක්මනින් ඒවා විසඳීමට රජය කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

අස්වනු නෙලන්න තෙල් දෙන්න

chandima Thursday, 03 March 2022 08:48 PM

හමුදාව දාලා අතින් කපන්න බැරිද?

:       0       1

Lalith M Thursday, 03 March 2022 09:46 PM

වපුරපු බීජවල අස්වැන්න ළඟදීම ලැබෙයි. හොඳින් නෙලාගනින් මලේ...

:       0       1

Toff Friday, 04 March 2022 10:53 AM

තකතීරු උපදෙස්. තුවාලේ අස්සේ කුණු වෙවී ඉන්න ගමන් දොස්තර හොඳහිත පාට්දානවා...

:       0       4

sharm warn Friday, 04 March 2022 11:29 AM

හා...!

:       0       1

janaka jayasingha Friday, 04 March 2022 01:39 PM

ඇමැතිතුමාට තෙල් ටිකක් ගහගත්තා නම් මීට වඩා හොඳට වැඩකරගන්න තිබුණා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31304 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13499 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 107 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 932 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site