( තිළිණි ද සිල්වා )
අසර්බයිජානයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියදී ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට රජයේ බලධාරීන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි.
එසේම මියගිය ලාංකික සිසුවියන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද මේ වන විට අසර්බයිජානයේ අදාළ බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බවද එම අමාත්‍යාංශය කියා සිටී.
අසර්බයිජානයේ බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමත් සමග , ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නවදිල්ලියේ අසර්බයිජාන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කොළඹ විදේශ සබදතා අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබන බවද එම අමාත්‍යාංශය පෙන්වා දේ.
මියගිය ලාංකික සිසුවියන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔවුන්ගේ පවුල් සමඟ ද සම්බන්ධ වී ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වන විට අසර්බයිජානයේ බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින්නේ යැයිද අමාත්‍යාංශය කියා සිටී.
මේ අතර අසර්බයිජානයේ විශ්ව විද්‍යාලය ද මේ සම්බන්ධයෙන් අසර්බයිජානයේ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ යැයිද විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
අසර්බයිජානයේ බටහිර කැස්පියන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් තිදෙනෙකු සිය නේවාසික මහල් නිවාසයේ ඉකුත් 9 වැනිදා ඇති වූ ගින්නක් හේතුවෙන් ඇති වූ දුම ආශ්වාසයෙන් හුස්ම හිරවීම නිසා ජීවිතක්ෂයට පත්විණි.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අසර්බයිජානයේ දී මියගිය සරසවි සිසුන් ගැන පරීක්ෂණයක්
sharm warn Monday, 13 January 2020 03:56 AM
මේ ළමයි තමන්ගේ නේවාසික කාමර වල ඉවුම් පිහුම් කරනවනේ. එතකොට උදුනේ තියෙන දෙයක් කර වෙලා ගිනි ගන්න අවස්ථාවන් තියෙනවා. එහෙම නැතිනම් බිත්තර තම්බනකොට හීටරය ගහලා , අමතක වෙලා හිටියොත් වතුර වාෂ්ප වෙලා ප්ලාස්ටික් කෝප්පේ ගිනි ගන්නවා. මම පෞද්ගලිකව මෙය සිදු වෙනවා දැකලා තියෙනවා. ප්ලාස්ටික් දුම ඉතාම විෂ සහිතයි. මගේ යෙහෙලියක් රුසියාවේ සරසවියක දී මේ විදියට ම මිය ගියා. ඔවුන් ද කාමරය ගිනි ගන්නාවිට ජනේලෙන් පනින්න උත්සහ කර තිබුනා. පිටත සිටි අය මෙට්ට දමා තිබුනත් මගේ මිතුරිය මෙට්ටයෙන් පිටට වැටීමෙන් මිය ගොස් තිබුනා.