IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අසාද් සාලිගේ අයිතිවාසිකම් පෙත්සම්ට දින නියමවෙයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට  ගෙන ,  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුලින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා  ගොනු කල  පෙත්සම විභාගය ලබන ජූනි මස 06 වැනිදා  සිදු කිරීමට   ශ්‍රේෂ්ඨාධිකරණය අද (15)   දින  නියම කලේය.

එම සිදු වීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ12(1),13(1),13(2)  විධිවිධාන මගින්  සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය විය හැකිය යන පදනම මත මෙම පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් මීට පෙර අවසර ලබා දී තිබුණි. 

මෙම පෙත්සම  ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන යන   ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවනු  ලැබිණි.

 එහිදී  පෙත්සම් විභාගය එදිනට කැදවීමට දින නියම විණි.

ඉකුත් මාර්තු මස 9 වනදා කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අසාද් සාලි මහතා  වාර්ගික සුහදත්වයට හානි කර ප්‍රකාශ සිදු කළේ  යැයි සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව  අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ අනුව ඔහු  නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්   පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සමේ වගඋත්තරකරුවන්  වශයෙන් නීතිපති , පොලිස්පති , රහස් පොලිස් අධ්‍යක්ෂක නිෂාන්ත ද සොයිසා  , එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල , මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර , එම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා පෙනී සිටියේය. 

නීතිපති වරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා  පෙනී සිටියේය.



අදහස් (4)

අසාද් සාලිගේ අයිතිවාසිකම් පෙත්සම්ට දින නියමවෙයි

Bamunuarachchi Wednesday, 15 December 2021 07:37 PM

ජනතාව මේගොල්ලන්ව ත්‍රස්වාදීන් හැටියට ලේබල් කරලා තිබෙන්නේ.

:       8       2

Bamunuarachchi Thursday, 16 December 2021 08:26 AM

මදෑ මමත් අළුගෝසු ජොබ් එක ලැබෙයි කියලා බලාගෙන හිටියා.

:       1       2

සිල්වා Thursday, 16 December 2021 03:17 PM

ශ්‍රී ලංකාව බලතණ්හාකාරයින් විසින් හතරට බෙදා අවසන්ය. එය යථා තත්වයට පත්කරන තුරු අනාගතයක් නැත...

:       0       0

BamunuarachchiThursday, 16 December 2021 04:03 PM

මිනිසුන්ට මොලේ නැද්ද? බලතණ්හාකාරයෝ, කඩාකප්පල්කාරයෝ, ආගම්වාදියෝ, විප්ලවවාදියෝ හඳුනා ගන්න. එහෙම හඳුනා ගන්න තරම් මොලයක් නැතිනම් රැල්ලකට අසුවී ගහගෙන යනවා. කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය දකින දාට තමයි ඔන්න ඇත්ත දකින්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site