(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මුදලට අශ්වයන් ඔට්ටු තබන බිල් පතක් සම්බන්ධයෙන් මිතුරන් දෙදෙනකු අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ ගංගොඩවිල , පරණ කැස්බෑව පාර , 01 පටුමගේ අංක 06/02 හි පදින්චිය මද්දුම ආරච්චිගේ අනුර ශාන්ත (56) හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයින් දෙදෙනා කලක සිට අඹ යහළුවන් වන අතර දිනපතා මුදලට අශ්වයන් ඔට්ටු තැබීමට පුරුදු ව සිට ඇතැයි පැවසේ .
ඒ අනුව දෙදෙනා දෙල්කඳ පැගිරිවත්ත පාරේ පිහිටි මුදලට අශ්වයින් ඔට්ටු තබන ස්ථානයකට ගොස් අශ්වයින් ඔට්ටු තැබීමට අදාල බිල් පතක් ලිවීම සඳහා එක් මිතුරෙකු අනිත් මිතුරාට පවසා ඇතත් ඊට එම මිතුරා විරෝධය පළ කිරීමත් සමග දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති බවත් පැවසේ .
පසුව එම ආයතනයේ හිමිකරු දෙදෙනා සමථයකට පත්කොට ස්ථානයෙන් පිටත් කර ඇති අතර පසුදා සවස ඉන් එක් පුද්ගලයකු දෙල්කඳ පැඟිරිවත්ත පාරේ පිහිටි ආප්ප කඩයකට පැමිණ ආප්ප ගනිමින් සිටියදී පෙරදා බහින්බස්වීම ඇතිකරගත් අනෙක් මිතුරා ද පැමිණ ඇති අතර එහිදී නැවත වරක් දෙදෙනා අතර ආරවුල හටගෙන තිබේ.
ගැටුම හට ගන්නවාත් සමගම විදුලි බලය විසන්ධි වී ඇති අතර එම අවස්ථාවේදී එක් පුද්ගලයකු අත තිබූ තියුණු ආයුධයකින් අනෙක් පුද්ගලයාට මෙසේ පහරදීමක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම අවස්ථාවේදී වූ පොර බැදීමෙන් දෙදෙනාටම තුවාල සිදුවීම නිසා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදි පිහි ඇනුමට ලක්වූ පුද්ගලයා මෙසේ මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අශ්ව තුන්ඩුවෙන් ආ මාරයා අඹයාළුවා බිලි ගනී
Sunil Monday, 24 January 2022 05:38 AM
තිරිසනෙකුට මිනිහෙක් පරදිනවා.